Friday 31 January 2020

කොරෝනා වෛරසය හා මාධ්‍ය වෛරස්



කවුරුත් දන්නවා කොරෝනා වෛරසය  කියන මේ දේ මේ වෙනකොට ජීවිත දහස් ගණනක් බිල්ලට අරන් ඉන්නේ  කියලා.........වයලගේ කාමරේ බ්ලොගයේ පසුගිය දිනෙක පලවූ  කොරෝනා වෛරසයෙන් බේරෙන්න මෙන්න මේ දේවල් කරන්න කියන ලිපිය ආරම්භ කරලා තිබුනේ ඒ විදිහට.ඇත්තටම ඒ කියන විදිහට කොරෝනා ‍වෛරසය විසින් මේ වෙනකොට දහස් ගණනක් බිලි අරන් තියනවද?සමාජ මාධ්‍ය හරහා මේ සම්බන්දයෙන් හුවමාරු වෙන තොරතුරු කෙතරම් දුරට සත්‍යයද?මෙවැනි ව්‍යසනයක් හමුවේ පුරවැසියන් ලෙස අපගේ වගකිම විය යුත්තේ කුමක්ද?

Friday 17 January 2020

ජාතික ගීය



මහාචාර්ය කේ.එම්. ද සිල්වා ජේ.ආර්. ජයවර්ධන චරිතාපදානයේ දක්වා තිබෙන ආකාරයට 1949 පෙබරවාරිවලදී පවත්වන්නට නියමිතව තිබූ නිදහස් උත්සවයේදී එතෙක් ලංකාවේ ජාතික ගීය වශයෙන් ගායනා කෙරුණු ” God save the king/Queen” හෙවත් දෙවියෝ රජු/රාජිනී රකීවායන බ්‍රිතාන්‍ය ජාතික ගීය ගැයීමේ හැකියාවක් නොතිබුණු බැවින් ඒ ගැන ඉක්මන් තීරණයක් ගැනීමේ අවශ්‍යතාව 1948දී තේරී පත්වූ ඩී.එස්. සේනානායක ආණ්ඩුවට ඇතිව තිබුණි. 1934 ලංකාවේ ජාතික සමුළුවට ආනන්ද සමරකෝන් සහ ඔහුගේ සංගීත කණ්ඩායම ගායන කරන ලද නමෝ නමෝ මාතාගීතය පිළිබඳව ජේ.ආර්. ජයවර්ධනට මතකයක් තිබූ අතර සුදුසු ජාතික ගීයක් තෝරා ගැනීම සඳහා ඔහු ඒ සඳහා වන යෝජනාවක් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කළේය. ඒ අනුව ඊ.ඒ.පී. විජේරත්නගේ ප්‍රධානත්වයෙන් කැබිනට් අනුකාරක සභාවක් පත් කැරිණි. ජේ.ආර්. ජයවර්ධනද මේ කමිටුවේ සාමාජිකයෙක් වූ අතර ජී.ජී. පොන්නම්බලම් හා සී. චිත්තම්බලම්ද එම කමිටුවේ සාමාජිකයෝ වූහ.