Friday 21 February 2020

සුද්දාගේ පස්ස සේදිම





ලෝබ නැතිව වියදම් කරන කෙනෙකුට අපි කිව්වේ සුද්දා වගේ කියලා. ඇදුම් පැළඳුම් ලස්සනට ඇන්ද කෙනෙකුට අපි කිව්වෙත් සුද්දා වගේ කියලා.වෙන එකක් තියා වැඩක් ලස්සනට පිළිවෙලට කරන කෙනෙකුට අපි කිව්වෙත් සුද්දා වගේ කියලා.එහෙම කියපු අපිට දැන් සුද්දව පේන්නේ පස්සවත් හරියට හෝදන්නෙ නැති අපිරිසිදු මනුස්සයෙක් විදිහට.මට මේ ටික මේ විදිහට හිතුනේ පසු ගිය දවස්වල් තිස්ස ජනනායක විසින් ඉදිරිපත් කරලා තිබුනු සුද්දා පස්ස හෝදන්නේ නෑ කියන වීඩියෝව නැරඹුවයින් පසුවයි.



සුද්දා පස්ස හෝදන්නේ නෑ කියන නාමය යටතේ මෙම වීඩියෝව ඉදිරිපත් කර තිබුනත් ඇත්තටම මෙම වීඩියෝවෙන් ඉදිරිපත් කොට තිබුනේ ආනයනික කිරි පිටි නිෂ්පාදනය කරන ආකාරය සහ එයින් ඇතිවන ප්‍රතිවිපාක ගැනයි.කිරිපිටි නිෂ්පාදනය ගැන ඔහු කියන දේ නිවැරදි විය හැකියි.ඒ ගැන යමක් කීමට මට දැනුමක් ඇත්තේ නෑ.නමුත් තිස්ස විසින් සාකච්ඡා කරන මාතෘකාවට සුද්දාගේ වැසිකිලි යාමේ රටාවේ අදාලත්වයක් ඇත්තේ නෑ.නමුත් එහිදි ඔහු විසින් සුද්දාගේ වැසිකිලි යාමේ ක්‍රමය ඉදිරිපත් කිරීමෙන් සුද්දා අපට වඩා පහත් ජාතියක්ය යන ප්‍රතිරූපය ඇතිකිරීමට උත්සහ කරනු ලබනවා. එයින් තිස්ස බලාපොරොත්තු වන්නේ පස්සවත් නොසෝදන ජාතියක් පහත් වැඩ කිරිමට පසුබට නොවන බව නොකියා කිමටයි.මෙම උපකල්පනය එතරම් නිවැරදි වන්නේ නෑ.


සුද්දා යන වදන භාවිතා වන්නේ ඔවුන්ගේ හමේ පැහැය නිසා වුවත් හම සුදු ජපන්, අරාබි හෝ වෙනත් ජාතින්ට සුද්දා යනුවෙන් අප පවසන්නේ නෑ.සුද්දා යනු බටහිර ජාතීන්ම වේ.පොදුවේ සියළු බටහිර ජාතින්ට සුද්දා යනුවෙන් අප ඇමතුවත් රටින් රටට ඔවුන්ගේ සංස්කෘතින් වෙනස් වෙනවා.අවුරුදු දහ නවයක් පමණ ඉතාලියේ ද ඉන් පසු මේ දක්වා පසුගිය අවුරුදු තුනේම ස්කොට්ලන්තයේ ජීවත් වන මා මිතුරු සංජීව පවසන ආකාරයට ඉතාලි ජාතිකයන් වැසිකිලි යාමෙන් අනතුරුව අප මෙන්ම ජලයෙන් පිරිසිදු කර ගනු ලබනවා.නමුත් එංගලන්තයේදී සිදු වන්නේ කඩදාසියෙන් පිස ගැනිමක් පමණයි.එයින් අපට පෙනෙන්නේ සුද්දා යනුවෙන් ඔවුන් සියළු දෙනා එකම අච්චුවේ දැම්මත් ඔවුන්ගේ සිරිත් විරිත් රටින් රටට වෙනස් වන බවයි.


ආනයනික කිරිපිටි ගැන කිමට අවශ්‍ය තරම් කරුණු තියෙද්දි ඇයි තිස්ස මේකට කිසිම අදාලත්වයක් නැති සුද්දගේ පස්ස හේදිමක් ඈඳලා ගන්නේ.අපි දන්නවා බටහිර ජාතින් අපට වඩා සෑම අතින්ම ඉදිරියෙන් ඉන්න බව. එකට තිබ්බොත් ලැජ්ජා හිතෙන තරමට අපි පිටුපස්සෙන් ඉන්නේ.මේ නිසා අපි ඉන්නේ ඇත්තටම හීනමානයෙන්.ඒ නිසාම අපි හැමතිස්සෙම උත්සහ කරන්නේ මොකක් හරි දේකින් සුද්දා අපිට වඩා පල්ලෙහායින් ඉන්නේ කියලා පෙන්නන්ඩ.අපි කරන එක දෙයක් තමා වංසේ කබල් ගාන එක.ඒක ටිකක් සාර්ථකයි.මොකද අද ලෝකයේ ඉදිරියෙන් ඉන්න රටවල් ගොඩකට අපිට වාගෙ ලොකු ඉතිහාසයක් නෑ.අනිත් එක තමා ක්‍රිකට්.අපිට සුද්දව පරද්දන්ඩ පුළුවන් වෙලා තියෙන්නේ මේකෙන් විතරයි.ලංකාවේ ක්‍රිකට් මෙච්චර ජනප්‍රිය වෙන්නේ මෙන්න මේ හේතුව නිසා.අනිත් එක තමා සුද්දගේ පස්ස සේදීම ගැන කියන එක.මොකක් හරි දේකින් සුද්දා අපිට වඩා පහත් කියලා සුවයක් ලබනවා.


ලෝකයේ තියෙන විවිධ සංස්කෘතින් අතර ඇති සිරිත් විරිත් ද විවිධාකාරයි.එසේ වෙනස්කම් තිබුන පලියට එක් සංස්කෘතියක් අනෙකට වඩා උස් හෝ පහත් වෙන්නෙ නෑ.බලු මස් කැම අපට අප්‍රසන්න වුවත් බල්ලාට වඩා අපිරිසිදු යයි සිතිය හැකි ඌරව අප ආහාරයට ගන්නවා.ඌරා අපිරිසිදු සතෙක් ලෙස සලකන මුස්ලිම් ජාතිකයිනට මෙය මහත් අප්‍රසන්න දෙයක් විය හැකියි.මෙයින් අප අවබෝධ කර ගත යුතු කාරණාව තමයි සංස්කෘතික විවිධත්වය කියන කාරණය.විවිධ සංස්කෘතින් තුල ඇති සිරිත් විරිත් අපට රුචි හෝ අරුචි විය හැකිය.විවිධ සංස්කෘතින් තුල ඇති විවිධාකාර සිරිත් අපට අප්‍රසන්න වූ පළියට එම සංස්කෘතිය පහත් ලෙස සැළකිම හෝ ඒ දෙස උපහාසයෙන් බැලීම නොකල යුත්තක්.සංස්කෘතික විවිධත්වයට ගරු කිරීමට කුඩා කළ සිටම අප දරුවන් පුරුදු පුහුනු කල යුතුයි.


සෝමේ අයියා මගේ හොඳ මිතුරෙක්.ජීවත්වෙන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ කෙලව‍රේම තියන මහනාන්නේරිය කියන ගමේ.මීට අවුරුදු හය හතකට පෙර අප දෙදෙනා සතුටු සාමීච්චියේ යෙදි සිටි අවස්ථාවක සුද්දාගේ පස්ස නොසේදීම ගැන සෝමේ අයියා සමග මා පවසා සිටියා.ටිකක් කල්පනා කරපු සෝමේ අයියා පවසා සිටියේ, ඒ මිනිස්සු කන කැම වල හැටියට වැසිකිලි යන විදිහ අපට වඩා වෙනස් ඇති යනුවෙනි.සෝමේ අයියාගේ උපකල්පනය කෙතරම් නිවැරදිද යන්න ගැන අවබෝධයක් මා හට නොමැති වුවත් සෝමේ අයියා ඒ දෙස බැලූ මැදහත් ස්වභාවය ඉතාම වැදගත්.තිස්සට වගේ ජනප්‍රිය වීමේ වුවමනාවක් සෝමේ අයියට නොතිබුන එක මේ මධ්‍යස්ථ භාවයට හේතු වෙන්න ඇති කියලා දැන් මට හිතෙනවා.          
      


7 comments:

  1. විපුල ඔබ මෙහි පවසන කාරණය හරිම වැදගත්. එක්තරා පුද්ගලයෙක් මගේ බ්ලොගයේත් ඇමරිකන් මිනිස්සුන්ට ගැරහීමට මේ පස්ස පිස දැමීම ගැන කියල තිබුනා ඊට අදාළම නැති ලිපියක. මම කුඩා කාලයේ වැඩිහිටියන් සුද්දාගේ පස්ස පිස දැමීම ගැන කිව්වේ බටහිර රටවල් අධික සීතල නිසා සුද්දන්ට වතුර පාවිච්චි කල නොහැකියි පවසමින්. ජීවිතේට බටහිර රටකට නොගිය එම වැඩිහිටියන් දැන සිටියේ නෑ සුද්දන්ට හීටර් තිබුන බව. මුළින්ම කියන්නෝනෙ පස්ස පිස්සත් හේදුවත් පස්සේ මළපහ 100% ඉවත් වෙන්නෙ නෑ, මොකද කවුරැවත් ගුද මාර්ගයම ෆ්ලෂ් කරන්නෙ නෑනෙ. මේ පස්ස පිස දැමීම සෞඛ්‍යමය අතින් පස්ස වතුරෙන් සේදීමට වඩා සුදුසුයි. මොකද අතින් පස්ස වතුරෙන් සේදීමේදී අතේ මළපහ ගෑවෙනවා. නියපොතු අස්සේ පවා. එවිට අත හරියට සේදීම සoකීර්ණ වැඩක්. සබන් හෑන්ඩ් සැනිටයිසර් සහ ජලය අධිකව වැයවන. ලoකාවේ බොහෝ වැසිකිළිවල එම පහසුකම් නෑ. ඒකෙ ප්‍රතිපලය තමයි බොහෝ මිනිස්සු පස්ස හෝදන්න ගොස් අතේ මළපහ තවරගෙන ඒක තව බොහෝ තැන්වල තැවරීම. හුඟක් මිනිස්සු අත හරියට හෝදන්නෙ නෑ. එවිට අතේ මළපහ අතෙන් අල්ලන අල්ලන එකේ ගෑවෙනවා.

    ReplyDelete
    Replies
    1. තව කාරණයක් කියන්නට හිතුනා. ඔබ කියා ඇති පරිදි තිස්ස වැනි බොරැ දේශප්‍රේමී set එකක් ලoකාවේ ඉන්නවා. ඒගොල්ලන්ට අනුව හොඳම දේ ලoකාවේ. හොඳම කෑමද, ඇඳුම්ද බේත්ද සදාචාරයද සoස්කෘතියද සෞන්දර්‍යයද ඒ හැම දේම. ඉස්සර ඔය ලිස්ට් එකේ සොබාවික ආපදා රහිතම කියල එකකුත් තිබ්බ හැබැයි සුනාමියට පස්සෙ ඒක ශේප් එකේ හලල දැම්ම. මේ බොරැ දේශප්‍රේමී සෙට් එක ඒව බුද්ධිමත්ව ප්‍රශ්න කරන යාවත්කාළීන කරන්න හදන මිනිස්සු එක්ක නයි වෛරයි. රටේ දියුණුවට තියන ලොකුම බාධාවක් තමයි මේ බොරැ දේශප්‍රේමී සෙට් එක. ලoකාවට ආදරය කිරීම යනු ලoකාව ලෝකයේ කේඳ්‍රය යැයි හිතාගෙන යල් පැන ගිය ගොන් අදහස් සමාජයට පොම්ප කිරීම නොවේ, බටහිර, ආසියාතික, මැදපෙරදිග, යුරෝපීය සහ අප්‍රිකානු මෙකී නොකී රටවල සාධනීය ලක්‍ෂණ අපේ රටටත් හඳුන්වා දීමයි. ඒවගේම අපේ සoස්කෘතියේ හොඳ ටික රැකගෙන අනවශ්‍ය ටික හලා දැමීමයි. හැබැයි දැන් වෙලා තියෙන්නෙ අපේ සස්කෘතියේ අනවශ්‍ය ටික රැකගෙන හොඳ ටික හළලා ඒක ප්‍රශ්න කරන අයට අඩත්තේට්ටම් කිරීමයි.

      Delete
    2. ස්තුතියි ඔබේ අදහස් දැක්විමට.

      Delete
  2. විපුල සෑර්ගේ මේ පෝස්ට් එක ඇත්තටම අර උඩින් කොමෙන්ට් එකක් නෙවේ දෙකක්ම දාපු ඩොන්කර් මිසීටම ලියපු එකෙක්ද කියල මට හිතෙනවා. මෙන්න මේ ඡේදේ බලන්ඩ:

    අපි දන්නවා බටහිර ජාතීන් අපට වඩා සෑම අතින්ම ඉදිරියෙන් ඉන්න බව. එකට තිබ්බොත් ලැජ්ජා හිතෙන තරමට අපි පිටුපස්සෙන් ඉන්නේ. මේ නිසා අපි ඉන්නේ ඇත්තටම හීනමානයෙන්.
    අන්න ඒ හීනමානය නිසා වෙන්ඩ ඇති ඩොන්කර් මිසී හැකි හැම විටම (නැති වැරදි සොයා හෝ) ලංකාව පහලට දමා ඈ සිටින රට ඉහලයි කියා පෙන්වීමට උත්සාහ කරන්නේ.
    .
    දියුණු ලෝකයේ පිළිගත් දෙයක් වන විවිධ සංස්කෘතින් තුල ඇති විවිධාකාර සිරිත් අපට අප්‍රසන්න වූ පළියට එම සංස්කෘතිය පහත් ලෙස සැළකිම හෝ ඒ දෙස උපහාසයෙන් බැලීම නොකළ යුත්තක් යන්න ඩොන්කර් මිසී තවමත් අවබෝධ කර නොගැනීම ගැන මා දුක් වෙනවා. සමහරවිට ඇයට එතරම් දෙයක් අවබෝධ කරගැනීමට අපහසු ඇති.

    ඩොන්කර් මිසී සඳහන් කරන 'එක්තරා පුද්ගලයා' මේ ලියන හැට්ටර් වෙමි. නමුත් එහිදීත් ඈ මා ලියු දේ හරියාකාරව වටහාගෙන නෑ.. මක් නිසාද යත් මා එහිදී ඇමරිකානුවෙකුට ගැරහුවේ නැති අතර ලංකාවේ අයගේ කෑම කා අත සේදීම ගැන ඇය කළ ප්‍රකාශය ගැන මගේ ප්‍රශ්නයක් ඇසුවා පමණයි.

    ඩොන්කර් මිසීගේ ඉහත කොමෙන්ට් එකේ ලියු මේ සටහන බලන්ඩ.
    ඒකෙ ප්‍රතිපලය තමයි බොහෝ මිනිස්සු පස්ස හෝදන්න ගොස් අතේ මළපහ තවරගෙන ඒක තව බොහෝ තැන්වල තැවරීම. හුඟක් මිනිස්සු අත හරියට හෝදන්නෙ නෑ. එවිට අතේ මළපහ අතෙන් අල්ලන අල්ලන එකේ ගෑවෙනවා.
    එය එසේ නම් ලංකාවේ සිටින අපි එය අත්දැකිය යුතුයි වගේම එහි ප්‍රතිඵල රෝහල්වල සංක්‍යලේඛණ වලින් පෙනිය යුතුයි.

    මේ පස්ස පිස දැමීම සෞඛ්‍යමය අතින් පස්ස වතුරෙන් සේදීමට වඩා සුදුසුයි. යන්න ඩොන්කර් මිසීගේ තවත් හිතලුවක් වියයුතුයි නැත්නම් එය ගැන කෙරුණු සමීක්ෂණයක් කොහේ හෝ තිබිය යුතුයි.

    බටහිර, ආසියාතික, මැදපෙරදිග, යුරෝපීය සහ අප්‍රිකානු මෙකී නොකී රටවල සාධනීය ලක්‍ෂණ අපේ රටටත් හඳුන්වා දීමයි. ඒවගේම අපේ සoස්කෘතියේ හොඳ ටික රැකගෙන අනවශ්‍ය ටික හලා දැමීමයි කියා ඩොන්කර් මිසී කියනවිට ඇගේ මානසික තත්වය ඔබට තේරුම් යාවි. ඇය හිතාමතා අමතක කරන්නේ අපේ හොඳ දේත් අර කියන රටවලට හඳුන්වාදීම කලයුතුයි කියන එකයි.
    ඇත්තටම ඇය ප්‍රතිකාර ගතයුතු රෝගියෙක්,

    ඔබට ජයවේවා!


    ReplyDelete
  3. ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට.මගේ පුද්ගලික මතය නම් අප එකිනෙකාගේ විවිධ මත වලට ගරු කරමින් සංවාදයේ යෙදිය යුතු බවයි.එසේ නොවී උපහාසයෙන් අපහාස කරමින් තරහින් වෛරයෙන් සංවාද කිරීමට ගියහොත් එතන ඉතුරු වන්නේ කසිප්පු පානය කල මිනිසුන් දෙදෙනෙකුගේ රණ්ඩුවක් පමණි.ඔබ දෙදෙනාගේ වාදයේදීත් මම එය මතක් කර දුන්නා ඔබට මතක ඇති.තමන්ට එකඟ විය හැකි වුවත් නැතත් අනෙකාගේ මතයට ගරු කිරීම යනු එසේත් නැත්නම් අනෙකාගේ එම මතය දැරීමට ඇති අයිතිය පිළි ගැනිම යනු හොඳින් පුරුදු පුහුණු විය යුතු ගුණාංගයකි.ලංකාවේ මිනිසුන් තුල නැත්තේද මෙම ප්‍රජාතන්ත්‍රවාදී සංස්කෘතික ලක්ෂණයයි.

    ReplyDelete
  4. 1.කඩදාසිවලින් පුක පිහින්න පටන් ගත්තේ චීන ජාතිකයෝ.

    2. හොඳම දේ උඹම ඔය ක්‍රම දෙකම ටෙස් කරලා වැඩියෙන්ම සාර්ථක මොකක්ද කියලා ප්‍රායෝගික අත්දැකීමෙන්ම තේරුම් ගැනීමයි.

    මගේ අත්දැකීම අනුවනම් හරියට කරනවනම් සේදීම තමයි සාර්ථක.

    3. ඒ වගේම යම් ජනවර්ගයක් පුක පිහිනවා නම් එයට බලපාන ප්‍රධාන හේතුව පුරුද්ද; නැතුව පුක පිසීමේ විශේෂ හොඳක් තිබීම නෙමෙයි.

    4. ලංකාප්‍රිකාවී කියපු කාරනා ගැන විවේචන දෙකක් කල යුතුයි. සැබෑ දේශප්‍රේමියා/ බොරු දේශප්‍රේමියා කියලා වර්ග කරන එක ආත්මවාදී ක්‍රියාවක්. මම එයට එකඟ නෑ. සැබෑ කියලා දෙයක් නෑ හැමදේම බොරු. බටහිර විද්‍යාව පට්ටපල් බොරු.

    5. ඇමරිකා ඔරුමත්තුනාඩුව කියන්නේ ඇංග්ලිකන් ක්‍රිස්තියානි රටක්. ලංකාප්‍රිකාවී ඒකේ බින්න බැස්සා කියන්නේ එයාගෙන් පස්සේ සිංහල පරම්පරාවක් හැදෙන්නේ නෑ.ලංකාප්‍රිකාවී කියන්නෙත් ex-සිංහල කෙනෙක් කියන්න පුළුවන්. ඒ නිසාම එයා වගේ අයට යුතුකමක් තියෙනවා මැරෙන්න කලින් ඇමරිකා ඔරුමත්තුනාඩුව තුල සිංහල සංස්කෘතිය පතුරවන්න. උදාහරණයක් හැටියට ඇමරිකා ඔරුමත්තුනාඩුව තුල පොදු වැසිකිලිවල පුක හේදීමේ පහසුකමත් ඒක්කිරීමේ ව්‍යාපාරයකුතු අරඹනවානම් හොඳයි.



    ReplyDelete
  5. ස්තුතියි ඔබේ අදහසට.හැට්ටර්ට දී ඇති පිලිතුර ඔබටත් අදාලයි.අපේ ‌ගෙදර ඇවිල්ලා මට බැැන්නට කමක් නෑ. හැබැයි අල්ලපු ‌ගෙදර ගෑනිට බනිනවා නම් ඒ් ‌ගෙදරට ගිහින් බනින්ඩ.තැන් තැන් වල ගිිහින් බනින්නේ් ‌ගෙදරට ගිහින් බනින්ඩ ‌කොන්දක් නැති අය.

    ReplyDelete