Tuesday 5 May 2020

වැළිසර නාවික කඳවුර කියා දෙන පාඩම





පසු ගිය යුධ සමයේ යුධ සැළසුම් සකස් කිරීමට වෛද්‍යවරුනට පැවරුවේ නම් කුමක් සිදු වන්නට තිබුනේද? බැලූ බැල්මට එය හාස්‍ය ජනක වනවා පමණක් නොව ඉතා විනාශකාරි තත්වයක්ද නිර්මාණය වන්නට ඉඩ තිබුනි.දැන් එහි අනෙක් පැත්ත සිදු වෙමින් පවතී.එනම් වසංගත රෝග වි‍ශේෂඥයින් පසු පෙලට ඇද දමා එසේ නොවන කොටස් විසින් සැළසුම් සකස් කිරිම සහ ක්‍රියාත්මක කිරිමයි.මෙහි ඇති භයානකකම වැළිසර නාවික හමුදා කඳවුරේ සිදුවීමෙන්ම පැහැදිලි විය යුතුය.

Tuesday 21 April 2020

මැතිවරණ උන්මාදය





කස කාරයා පැමිණෙන විට පෙරහැර පැමිණෙන බව අපි දනිමු.පෙරහැර පැමිණිමට පටන් ගෙන ඇත.මැතිවරණ කොමිසම වෙත  විවිධ චෝදනා රජය පාර්ශවයෙන් එල්ල වීමට පටන් ගෙන ඇත.ඊට සමගාමිව වත් පොතේද මහින්ද දේශප්‍රිය මහතා ඉලක්ක කොට පහත් පෝස්ටු පලවීමට පටන් ගෙන ඇත.මෙම මැතිවරණ උන්මාදය විසින් ඉතා අසීරුවෙන් පාළනය කොට ගෙන ඇති වසංගත තත්වය පැතිර යාමේ අවධානම නැවත ඉස්මතු කරවයි.

Thursday 2 April 2020

අර්බූධය මැද




අර්බූධය මැද ගැටුම්කාරී තත්වයක් උද්ගත වි ඇත.ඒ මීගමුව රෝහලේදි පසුගියදා මිය ගිය මුස්ලිම් ජාතිකයාගේ දේහය ආදාහනය කිරීමත් සමඟයි.මෙය ඉතාමත්ම බරපතල ගැටළු නිර්මාණය කරන වටපිටාවක් නිර්මාණය කිරිමට නියමිතයි.ව්‍යසනයට සාර්ථකව මුහුණ දිය හැක්කේ එක්ව මිස වෙන්ව නොවේ.රජය ඉතා ඉක්මනින් මැදහත්වි තත්වය සමනය කළ යුතුය

Monday 30 March 2020

ඔසුසල් වැසිම





සියළුම පෞද්ගලික ඔසුසල් වසා දැමිමට පසුගිය දා රජය විසින් තීරණය කරන ලදී.ඒ සමඟම අවශ්‍ය ඖෂධ නිවසටම ගෙනවිත් දිමට වැඩපිළිවෙලක් සකසන බව ප්‍රකාශ විනි.රජය ගත් මෙම දැඩි තීරණයට හේතු ඇතුවා නිසැකය.බැලූ බැල්මට මෙවැනි අවස්ථාවක මෙය සිත් ගන්නා සුළු වැඩ පිළිවෙලකි.නමුත් රජයට මෙය ජය ගත හැකි ඉලක්කයක්ද?

Thursday 26 March 2020

කොරෝනා සටනින් පිටමන් කළ වසංගත රෝග විශේෂඥයෝ




ජලයට වැටෙන කූඹි රොත්තක් කරන්නේ සියළුම දෙනා එකතු වී කූඹි ගුලියක් සාදා ගැනිමයි.ඉන් පසු ආධාරකයක් හමු වන තුරු සිට ජලයෙන් ගොඩ වීමයි.නමුත් ජීවිතය බේරා ගැනීමට හැකි වන්නේ කූඹි ගුලියේ ඉහල සිටින කූඹින්ට පමණි.ජලය මත පාදම දරා සිටින සියළුම කූඹින්ට සිදු වන්නේ සිය වර්ගයා වෙනුවෙන් ජීවිතය පිදීමටයි.

Friday 21 February 2020

සුද්දාගේ පස්ස සේදිම





ලෝබ නැතිව වියදම් කරන කෙනෙකුට අපි කිව්වේ සුද්දා වගේ කියලා. ඇදුම් පැළඳුම් ලස්සනට ඇන්ද කෙනෙකුට අපි කිව්වෙත් සුද්දා වගේ කියලා.වෙන එකක් තියා වැඩක් ලස්සනට පිළිවෙලට කරන කෙනෙකුට අපි කිව්වෙත් සුද්දා වගේ කියලා.එහෙම කියපු අපිට දැන් සුද්දව පේන්නේ පස්සවත් හරියට හෝදන්නෙ නැති අපිරිසිදු මනුස්සයෙක් විදිහට.මට මේ ටික මේ විදිහට හිතුනේ පසු ගිය දවස්වල් තිස්ස ජනනායක විසින් ඉදිරිපත් කරලා තිබුනු සුද්දා පස්ස හෝදන්නේ නෑ කියන වීඩියෝව නැරඹුවයින් පසුවයි.

Friday 31 January 2020

කොරෝනා වෛරසය හා මාධ්‍ය වෛරස්



කවුරුත් දන්නවා කොරෝනා වෛරසය  කියන මේ දේ මේ වෙනකොට ජීවිත දහස් ගණනක් බිල්ලට අරන් ඉන්නේ  කියලා.........වයලගේ කාමරේ බ්ලොගයේ පසුගිය දිනෙක පලවූ  කොරෝනා වෛරසයෙන් බේරෙන්න මෙන්න මේ දේවල් කරන්න කියන ලිපිය ආරම්භ කරලා තිබුනේ ඒ විදිහට.ඇත්තටම ඒ කියන විදිහට කොරෝනා ‍වෛරසය විසින් මේ වෙනකොට දහස් ගණනක් බිලි අරන් තියනවද?සමාජ මාධ්‍ය හරහා මේ සම්බන්දයෙන් හුවමාරු වෙන තොරතුරු කෙතරම් දුරට සත්‍යයද?මෙවැනි ව්‍යසනයක් හමුවේ පුරවැසියන් ලෙස අපගේ වගකිම විය යුත්තේ කුමක්ද?

Friday 17 January 2020

ජාතික ගීය



මහාචාර්ය කේ.එම්. ද සිල්වා ජේ.ආර්. ජයවර්ධන චරිතාපදානයේ දක්වා තිබෙන ආකාරයට 1949 පෙබරවාරිවලදී පවත්වන්නට නියමිතව තිබූ නිදහස් උත්සවයේදී එතෙක් ලංකාවේ ජාතික ගීය වශයෙන් ගායනා කෙරුණු ” God save the king/Queen” හෙවත් දෙවියෝ රජු/රාජිනී රකීවායන බ්‍රිතාන්‍ය ජාතික ගීය ගැයීමේ හැකියාවක් නොතිබුණු බැවින් ඒ ගැන ඉක්මන් තීරණයක් ගැනීමේ අවශ්‍යතාව 1948දී තේරී පත්වූ ඩී.එස්. සේනානායක ආණ්ඩුවට ඇතිව තිබුණි. 1934 ලංකාවේ ජාතික සමුළුවට ආනන්ද සමරකෝන් සහ ඔහුගේ සංගීත කණ්ඩායම ගායන කරන ලද නමෝ නමෝ මාතාගීතය පිළිබඳව ජේ.ආර්. ජයවර්ධනට මතකයක් තිබූ අතර සුදුසු ජාතික ගීයක් තෝරා ගැනීම සඳහා ඔහු ඒ සඳහා වන යෝජනාවක් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කළේය. ඒ අනුව ඊ.ඒ.පී. විජේරත්නගේ ප්‍රධානත්වයෙන් කැබිනට් අනුකාරක සභාවක් පත් කැරිණි. ජේ.ආර්. ජයවර්ධනද මේ කමිටුවේ සාමාජිකයෙක් වූ අතර ජී.ජී. පොන්නම්බලම් හා සී. චිත්තම්බලම්ද එම කමිටුවේ සාමාජිකයෝ වූහ.