Showing posts with label 2020 ජනාධිපතිවරණය. Show all posts
Showing posts with label 2020 ජනාධිපතිවරණය. Show all posts

Tuesday, 19 November 2019

ජනාධිපතිවරණ ප්‍රතිඵල තුලින් මතුවන අනාගත අභියෝග



මහ වනයක් මැද දින ගණනාවක් පුරා අතරමං ව සිට යළි ගමන ආරම්භ කළ තැනටම පැමිණ ඇත.මේ බොහෝ ශ්‍රී ලාංකිකයින් එම සතුට භුක්ති විඳින අවස්ථාවයි.නමුත් මට සතුටක් දැනෙන්නේ නැත.මට දැනෙන්නේ  කණගාටුවක් පමණි..මගේ මතය වූයේ කෙසේ හෝ වනය මැදින් පාර සොයා ගත යුතු බවයි.නමුත් එය කරන්නේ කෙසේදැයි මම දැන සිටියේ නැත.ඒ නිසාම බහුතරයේ කැමැත්ත පිට යළිත් මුලටම පැමිණීමට සිදුව ඇත.

Monday, 11 November 2019

ඇමරිකන් කොරිඩෝවේ දී ලත් මාර පරාජය



       ඒ 1980 හෝ 1981 වසරයි. මා හයවන සහ හත්වන පන්තිවල ඉගෙන ගත් වසර දෙකයි. මා මිතුරු ධම්මික දිනක් මා වෙතට පැමිණ පැවසූවේ ගුවන් තොටුපලේ කුණු දමන්නේ තමන් සිටින ප්‍රදේශය  කිට්ටුව බවත් එම කුණු ගොඩෙහි තිබෙන කාන්තාවන්ගේ සනීපාරක්ෂක  තුවා ළමුන් නොදන්නා කමට හිසේ පැළඳගෙන සෙල්ලම් කරන බවත්ය.කාන්තාවකගේ සිරුර තුල සිදුවන එම ක්‍රියාවලිය ගැන ඒ වන විට මා හට දැනුමක් තිබුන ද කඩෙන් මිල දී ගන්නා සනීපාරක්ෂක තුවා ගැන මම ඒ වනවිට අසා තිබුනේ නැත.අපගේ වචන මාලාව තුල පෑඩ් හෝ සනීපාරක්ෂක තුවා යන වචන තිබුනේ ද නැත.ඒ නිසා මම ධම්මිකට පවසා සිටියේ මා නොදන්නා මෙය මට ගෙනවිත් පෙන්වන ලෙසයි.අද ද  විශ්වාසවන්ත මිතුරකු ලෙස සිටින ධම්මික විසින් එය අකුරටම ඉටු කරන ලදී.කඩෙන් මිල දී ගන්නා සනීපාරක්ෂක තුවා ගැන මම මුල් වරට දැන ගත්තේ එදිනයි.

Sunday, 3 November 2019

මැතිවරණ වේදිකාවේ වෙන්දේසි කෙරෙන මිනිස් ජීවිත



      
          මාගේ පියා වතු පාළකවරයෙකි. වත්තේ  සිටින සෑම කෙනෙකුගේම ලිපි ලැබෙන්නේ අප වෙතයි. උදෑසන හෝ දහවල් පෙරෙට්ටුවට ආ විට ලැබී ඇති ලියුම් අයිති කරුවන් වෙත ලබා දීම දින පතා සිදු කරයි.දිනක් දියෝනිස් කම්කානම්ගේ එක් පුතෙකු වූ සුසන්තට ලැබී තිබූ ලිපියක් මගේ පියා විසින් දියෝනිස් කම්කානම් වෙත ලබා දී ඇත.ලිපිය රැගෙන ටික දුරක් ආපසු ගිය දියොනිස් කම්කානම්ට අවට සිටියවුන්ට සඟවාලිය නොහැකි ලෙස හැඬුම් පහල වී ඇත.සුසන්ත ඒ වනවිටත් 71 කැරැල්ල විසින් බිලිගෙන තිබුනි.දියෝනිස් කම්කානම එය සියල්ලන්ගෙන් සඟවාගෙන සිටියත් සුසන්ත වෙත ලැබී තිබූ ලිපිය විසින් ඔහුගේ ආත්ම ශක්තිය සිඳ බිඳ දැමීය.මෙය මා වෙත පවසා සිටියේ මාගේ වැඩිමල් සොයුරියයි.

Sunday, 27 October 2019

ගෝඨාභය.කුමක් විය හැකිද?



       ජනාධිපති කිරුළ සජිත් සහ ගෝඨාභයගෙන් පිට යන්නේ නැත.දෙදෙනාගේම ජනප්‍රිය භාවය පූර්ව නිගමන වලට එළඹිය නොහැකි තරමටම සමානය.ගෝඨාභය යනු දේශපාලකයෙකු නොවේ.දේශපාලන නොවන චරිතයක් මීට පෙර  දේශපාලන භූමියේදී මෙතරම් ජනප්‍රියතාවයක් අත් පත් කර ගන්නවා මගේ මතකයේ ඇත්තේ නැත.සරත් පොන්සේකා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම මෙයට සමාන වන්නේ නැත.එහිදී සිදු වූයේ එ.ජා.ප. ය වෙනුවෙන් පොන්සේකා ඉදිරිපත් වීම නිසා එ.ජා.ප. ඡන්ද ඔහුට ලැබීමයි.මෙහි දී සිදුවන්නේ එහි අනෙක් පැත්තයි. එනම් ගෝඨාභයගේ ජනප්‍රියත්වයෙන් පොහොට්ටුව පිපිමයි.

Monday, 14 October 2019

ජනාධිපතිවරණය හා එහි ගැටළු



        
        සිය පාක්ෂිකයින් කෝප ගන්වන තරම් කාලයක් කෙකර ගගා සිටි එජාප කිකිළිය අවසානයේ සිය බිත්තරය දැම්මාය.දැන් තරඟය පැහැදිලිය.කොතරම් අපේක්ෂකයන් ඉදිරිපත් වූවද තරඟය පැවැත්වෙනු ඇත්තේ ගෝඨාභය සහ සජිත් අතරයි.අනාවැකි කීමට නොහැකි තරමට ජනාධිපතිවරණය තියුනු වනු ඇත.තරඟයෙන් ගෝඨාභය ජයගතහොත් කුමක් සිදු වනු ඇත් ද?සජිත් ජයගතහොත් කුමක් වනු ඇත් ද?