Monday 30 March 2020

ඔසුසල් වැසිම





සියළුම පෞද්ගලික ඔසුසල් වසා දැමිමට පසුගිය දා රජය විසින් තීරණය කරන ලදී.ඒ සමඟම අවශ්‍ය ඖෂධ නිවසටම ගෙනවිත් දිමට වැඩපිළිවෙලක් සකසන බව ප්‍රකාශ විනි.රජය ගත් මෙම දැඩි තීරණයට හේතු ඇතුවා නිසැකය.බැලූ බැල්මට මෙවැනි අවස්ථාවක මෙය සිත් ගන්නා සුළු වැඩ පිළිවෙලකි.නමුත් රජයට මෙය ජය ගත හැකි ඉලක්කයක්ද?



 සාමාන්‍ය දින වල පවා ඔසුසල් වල විනාඩි විස්ස තිහ අප රස්තියාදු වන අවස්ථා එමටය.එවැනි තත්වයක් යටතේ තෝරගත් ඔසුසල් කිහිපයකට මුළු රටේම ඇති වන ඉල්ලුම සපුරාලන්නට හැකි වන්නේ නැත.මෙය දුර්වල සැලැස්මක් බව පැහැදිලිය.රජය මෙම තීරණය ගෙන මේ දක්වා දින කිහිපයක් ගත වි තිබුනද අවම වශයෙන් හෝ සාර්ථක වීමට රජයට හැකි වි නැත.


රජයේ මෙම දැඩි තීරණයට හේතු වී ඇත්තේ විවිධ පුද්ගලයින් විසින් ඖෂධ වට්ටෝරු රැගෙන වෙනත් ගමන් බිමන් යාමයි.නමුත් රටේ ඖෂධ අවශ්‍ය පුද්ගලයින්ගෙන් කී දෙනෙක් මෙම තත්වයට පත් වන්නට ඇත්ද? එය ඉතා සුළු පිරිසක් බව අවිවාදිතය. සුළු පිරිසක් කළ වරදට සමස්ථ පුරවැසියන් අපහසුතාවයකට පත් කිරීම බුද්ධිමත් තීරණයක් වන්නේ නැත.


වට්ස් අප් සහ වයිබර් ඔස්සේ ඖෂධ වට්ටෝරු ඉදිරිපත් කිරීමෙන් නිවසටම ඖෂධ ගෙන්වා ගන්නා ආකාරය රජය ඉදිරිපත් කර තිබුනි. නමුත් එම තාක්ෂණය ඇති ස්මාර්ට් ජංගම දුරකථන ඇත්තේ කියෙන් කී දෙනාටද? ඇඳිරි නීතිය බල පැවැත්විම හේතුවෙන් මෙම තාක්ෂණය භාවිතා කිරීමේ ප්‍රායෝගික ගැටළු ඇති වන්නේ නැත්ද?


බඩගින්න කල් දැමිය හැකි වුවද රෝගී තත්වයන් එසේ කළ නොහැකිය‍.ඉල්ලූ සැනින් ඖෂධ රෝගියා වෙත ලැබිය යුතුය.එවැනි කාර්යක්ෂම සේවාවක් සැපයීමට රජයේ ඔසුසල් හී සේවක මඬුල්ලක් ඇත්තේ නැත.


සිදු විය හැකි එකම දෙය නම් රජය මෙම තීරණය නිසා අප්‍රසාදයට පත් වීමයි.දැනටමත් එය සිදුවෙමින් පවති.මහජනයාගේ කෝපය රජය වෙත එල්ල වෙමින් පවති.මොනම හේතුවක් නිසා හෝ එය යහපත් දෙයක් වන්නේ නැත.මෙවැනි අර්බූදයක් ජය ගැනීමට රජය කෙරෙහි ඇති පුරවැසියාගේ විශ්වාසය වැදගත් සාධකයකි.මේ රජය එම විශ්වාසය දිනා ගත් රජයකි.එම විශ්වාසය පළුදු කර නොගැනිමට රජය වග බලා ගත යුතුය.


මෙවැනි අර්බූදයක් තුල රජය විසින් ගන්නා සෑම තීරණයක්ම නිවැරදි වන්නේ නැත.අවශ්‍ය වන්නේ සිදුවූ වරද අවබෝධ කොට ගෙන ඉතා ඉක්මනින් එය නිවැරදි කර ගැනිමයි.එසේ නොවුනහොත් සිදු වන්නේ මහජනයාගේ විශ්වාසය බිඳි යාමයි. විශේෂයෙන්ම මෙවැනි සංවේදී කාරණයකදී එය ඉතා ඉක්මනින් සිදු විය හැකිය.එයින් සිදුවන්නේ අප සියළු දෙනා අර්බූදයට පත් වීමයි.   

3 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. පීසා ඕඩර්‍ර් කරාම ගෙනත් දෙනවා වගේ බෙහෙත් බෙදාහරින්නත බෑ. ඒකට ශක්තිමත් ‍යාන්ත්‍රනයක් ඕනේ. මගේ අම්මටත් දියවැඩියා වලට බෙහෙත් අරගන්න මම ගන්න උත්සාහය කියන්න වචන නෑ. ෆාමසී වලට කෝල් කරාට , වට්සප් කරාට වැඩක් නෑ.

    ReplyDelete