Thursday 2 April 2020

අර්බූධය මැද




අර්බූධය මැද ගැටුම්කාරී තත්වයක් උද්ගත වි ඇත.ඒ මීගමුව රෝහලේදි පසුගියදා මිය ගිය මුස්ලිම් ජාතිකයාගේ දේහය ආදාහනය කිරීමත් සමඟයි.මෙය ඉතාමත්ම බරපතල ගැටළු නිර්මාණය කරන වටපිටාවක් නිර්මාණය කිරිමට නියමිතයි.ව්‍යසනයට සාර්ථකව මුහුණ දිය හැක්කේ එක්ව මිස වෙන්ව නොවේ.රජය ඉතා ඉක්මනින් මැදහත්වි තත්වය සමනය කළ යුතුය



මෙවැනි කරණා වලදි රජය ඉතා සංවේදි විය යුතුය.කල්පනාකාරි විය යුතුය.මක් නිසාද ආගමික විශ්වාසයන් විවිධ සංස්කෘතික හුරු පුරුදු ඉතා ප්‍රභල බලපැමක් කල හැකි කාරණා බැවිනි.වෛරසය ව්‍යාප්ත විම වැලැක්විම සඳහා සිරුර පුළුස්සා දැමිම අවශ්‍ය නම් එය කළ යුතුය. ඒ ගැන විවාදයක් ඇත්තේ නැත.නමුත් මාගේ දැනුමේ හැටියට නම් වෛරසයෙන් බරපතල ලෙස හානි වූ ඉතාලිය පවා එ‍සේ කර නැත.ඒ ආසන්න අනෙකුත් රටවල් ද එසේ කල බවට මා දැනුවත් වී නැත.එසේ නම් ලංකාවේ පමණක් එසේ වූයේ ඇයි?


මෙවැනි වසංගත තත්වයන් කළමනාකරණය කළ යුත්තේ වසංගත රෝග පිළබඳ විශේෂඥයින්ගෙන් සැදුම්ලත් ඉහලම අධිකාරියක් මගිනි. තීන්දු තීරණ ගත යුත්තේ ඔවුන්ය. කිසි විටෙකත් ප්‍රාදේශීයව  තීරණ ගැනීමට ඉඩ දිය යුතු නැත. මෙහි ඇති විද්‍යාත්මක පදනම සළකා බලා සිරුරු භූමිදානය කිරීමේ සුදුසු නොසුදුසු බව ඔවුන් තීරණය කළ යුතුය.ඉන් පසු සිරුරු ආදාහනය කරන්නේ නම් මුස්ලිම් ප්‍රජාවට එය අවබෝධ කර දිය යුතුය.කෙසේ වෙතත් දිනකට සිරුරු හත් අට සියයක සීමාවට පැමිණුනහොත් එවැනි ප්‍රමාණයක් ආදාහනය කිරීමේ ප්‍රායෝගික හැකියාවක් අපට ඇත්තේ නැත.එවිට සිදු කළ හැක්කේ සමූහ ලෙස භූමිදානය කිරිමයි.


ලෝක සෞඛ්‍යය සංවිධානයද ප්‍රකාශයක් නිකුත් කරමින් කියා ඇත්තේ ආදාහනය හෝ භූමිදානය යන ක්‍රම දෙකම අනුමත කරන බවයි.නමුත් අනිල් ජා සිංහ මහතා ප්‍රකාශ කර ඇත්තේ ලෝක සෞඛ්‍යය සංවිධානයේ මාර්ගෝපදේශ අනුව වැඩ කිරිමට ශ්‍රී ලංකාව බැඳී නැති බවයි.එය සත්‍යයක් විය හැකි වුවත් අපට මේ අවස්ථාවේ අවශ්‍ය වන්නේ ගැටුම් අවම මාර්ගයන් තෝරා ගැනිම බව අප අවබෝධ කර ගත යුතුය.වෙනත් ගැටළු මතු නොවේ නම් ඒ සදහා නම්‍යශීලී වීමේ වරදක් ඇත්තේ නැත.


මෙයින් සිදු විය හැකි ලොකුම හානිය වන්නේ රෝගය ආසාදනය වන මුස්ලිම ජාතිකයින් සැඟව සිටීමට ඇති හැකියාවයි.ඒ ඔවුනගේ ඇති දැඩි ආගමික විශ්වාසය නිසයි.එය එසේ වුවහොත් ඇතිවන ප්‍රතිඵලය ඉතා භයානක විය හැක.


සුපුරුදු පරිදි වත් පොතේ  වීරයින් කල එලි බැස ඇත.සටන ආරම්භ වි ඇත. රට වෙනුවෙන් ලියවුනු ප්‍රගතිශීලී පෝස්ටු පලවූයේ පළමුවන මුස්ලිම් රෝගියා හමුවන තුරු පමණි. ඉතා පහත් වර්ග වාදී රළු පෝස්ටු හුවමාරු වෙමින් පවතී.රජයට වඩා ඔවුන් වේගවත්ය.රජය සැරසෙන විට ඔවුන් තත්වය ආපසු හැරවිය නොහැකි තරමට පළුදු කර තිබීමට පුළුවන.


ගැටළුවක් ඇති වූ තරමට එය විසඳීමට පහසු වන්නේ නැත.ගැටුම් නිරාකරණය පහසු නැත.වත් පොතේ වීරයින් නිසා සිදුවන්නේ තත්වය තව තවත් ඔද්දල් වි කුණු වී එය විසඳීමට නොහැකි තත්වයට පත්වීමයි.රජය ඉක්මන් විය යුතු කාරණය මෙයයි.


සිදුවූයේ කුමක්ද යන්න ගැන නිවැරදිව පැවසිය නොහැක්කේ පරස්පර වාර්තා පළ වන බැවිනි.නමුත් බොහෝ සිත් රිදවීම් සිදු වී ඇති බව නම් සහතිකය.වත් පොතේ වීරයන් කරන්නේ ඇවිලෙන ගින්නට පෙට්‍රල් දැමිමයි.ඵලය ගැන ඔවුන්ට වැටහීමක් ඇත්තේ නැත.අප දුවන්නේ එක ඉලක්කයකටයි.අනවශ්‍ය ගැටළු නිර්මාණය කර ගැනීමෙන් සිදුවන්නේ එම ගැටළු විසඳිමටද අතිරේක කාලයක් මිඩංඟු කිරීමට සිදු විමයි.එවිට වන්නේ ජයග්‍රහණය තවතවත් පමා වීමයි.එසේ කාළය අපතේ යැවීමේ හැකියාවක් මෙවැනි ව්‍යසනයකදී ඇත්තේ නැත.


පාපන්දු තරඟයකදී ඒකයන අරමුණ ප්‍රතිවාදින්ගේ දැල ආක්‍රමණය කිරිම වුවත් අපට එය එක දිගට කිරීමට හැකියාවක් ඇත්තේ නැත.ඉදිරියට මෙන්ම පසු පසටද ගමන් කිරිමට සිදුවේ.සමහර විට තමන්ගේ දැල් රකින්නා දක්වාම පසු පසට යාමට සිදුවන අවස්ථා එමටය.නමුත් මෙය කිසි විටෙකත් පසු බැසිමක් වන්නේ නැත.අවසාන ජයග්‍රහණයක් සදහා යොදන උපක්‍රම පමණි.මෙය අවමානයක් ලෙස සළකා එක දිගට පන්දුව ගෙන යාමට උත්සාහ කලහොත් අත්වන්නේ නියත පරාජයයි.


කොරෝනා සටනටද මෙම ධර්මතාවය පොදුය.කෙළින් යා හැකිවා මෙන්ම එසේ යා නොහැකි තැන් ද හමුවිය හැකිය.එවැනි තැන් වලදි වටෙන් යා යුතුය.පෝරුතොට මුස්ලිම් ජාතිකයාගේ සිරුර ආදාහනය කිරිම නිසා ඇතිවි ඇති තත්වයද මීට සමාන කළ හැක.එය වටෙන් යා යුතු තැනකි.


හකිම්ගේ දේශපාලනය සම්බන්දයෙන් ගැටළු තිබෙන්නට පුළුවන නමුත් ඒ නිසාම සමස්ථ මුස්ලිම් ප්‍රජාවගේ සිත් රිදවිම කිසි විටෙකත් නොසිදුවිය යුතුය.එසේ වුවහොත් එය බරපතල ගැටළුකාරි තැන් මතු කල හැකිය.ඔලුවට පිස්තෝලය තබා ත්‍රස්තවාදියෙකු මෙල්ල කළ හැකිය නමුත් වෛරසයක් එසේ මෙල්ල කළ නොහැකිය.

2 comments:

  1. ජාතික ගීය බාශා දෙකකින් කීම හොඳයි නම්
    කොරෝනා වෙදකමේදිත් සියළු වෙදකම් වලට ඇලෝපති වෙදකමට ඇති තැනම දීමත් ඒ වගේම හොඳයි.

    ReplyDelete
    Replies
    1. පිස්සු නැත්තං ඇන්තනිත් හොඳයි

      Delete