Saturday 7 December 2019

රෂෝමොන් 2






"විදේශ රටවලින් ශ්‍රී ලංකාවට එන එක ඩොලරයක් පවා ගෝඨාභය රාජපක්ෂට දැන් වැදගත්. ඒ නිසා ඔහුට තීරණය කරන්න වෙනවා ඒ ඩොලර් කොහොම ද ගෙන්න ගන්නේ කියලා. චීනයෙන් ගත්තොත් ලොකු පොළියක් මත තමයි ණය ගන්න වෙන්නේ," ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඩබ් ඒ විජේවර්ධන බීබීසී සිංහල සේවයට පැවසීය.



බීබීසී සිංහල සේවය කළ විමසුමකදී එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල පැවසුවේ, "MCC ගිවිසුම යළි අධ්‍යයනය කළ යුතු," බවය.
"අපි මේ ගැන යළිත් අධ්‍යයනය කළ යුතුයි. මේක අපේ රටේ ව්‍යවස්ථාවට ගැලපෙනවා ද කියල සොයා බලන්න ඕන. ද්විපාර්ශවික ආර්ථික ගිවිසුමකදී රටවල් දෙක ම සමාන තත්ත්වයෙන් සිටිය යුතුයි. ඔවුන්ට කෙතරම් ලොකු ආර්ථිකයක් තිබුණත් ඔවුන්ගේ ආර්ථික ලොකුකම් බලන්න බැහැ අපට."


කෙසේ වෙතත්, බීබීසී සිංහල සේවය කළ විමසුමකදී පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල ප්‍රකාශ කළේ, නව අග්‍රාමාත්‍යවරයෙකු සහ කැබිනට් මණ්ඩලය පත් කිරීමෙන් පසුව කැබිනට් මණ්ඩලය ඒ සම්බන්ධයෙන් තීන්දුවක් ගනු ඇති බවය.


මේ අතර, MCC ගිවිසුමට විරුද්ධව උපවාසයක නිරත වූ පූජ්‍ය උඩුදුම්බර කාශ්‍යප හිමියන්ගේ අදහස් විමසීමට බීබීසී සිංහල සේවයට හැකි විය.
උන් වහන්සේ ප්‍රකාශ කළේ, "ඒ ගිවිසුම අත්සන් කළොත් ඇති වන බලපෑම් ගැන අධ්‍යයනය කරන්න ඒ අවස්ථාවේ කාලයක් තිබුණේ නැහැ. ඒ වෙලාවේ රට වෙනුවෙන් කළ යුතු හොඳම දේ තමයි මම කළේ. මට දේශපාලන පක්ෂයක් නැති නිසා මට ඒකේ දිගටම රැඳිලා ඉන්න වෙලාවක් නෑ. ඒ නිසා මගේ යුතුකම මම කරල ඉවර කළා. ඒත් රටට අනර්ථයක් වෙනවා ද කියලා අපි විමසිල්ලෙන් ඉන්නේ," යනුවෙනි.


මේ අතර, MCC ගිවිසුම අත්සන් කිරීමට විරෝධය පළ කරන ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය සඳහා සන්ධානයේ සාමාජිකා නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර පවසන්නේ, ගිවිසුම සම්බන්ධයෙන් ජනාධිපතිවරණයට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරිපත් කළ විරෝධතා තර්ක නිවැරදි නොවන අතර, දැනට බලයේ සිටින ඔවුන් එම ගිවිසුමට අත්සන් තැබිය හැකි බවය.
"දැනට බලයේ ඉන්න පොදුජන පෙරමුණ විසින් මෙහෙයවපු විරෝධතාවක් තිබුණා. දැන් වෙනකොට ඒක ගැන ලොකු කතාවක් රටේ නැති තත්ත්වයට පත්වෙලා තියෙනවා. පොදුජන පෙරමුණ ගෙනාපු විරෝධය බොහෝ දුරට වැරදි කරුණු මත සහ ඒ වගේම ජාතිවාදී අදහස් පදනම්ව තමයි ඒ විරෝධය ගොඩ නැගුණේ. දැන් බලයේ ඉන්නේ ඒ විරෝධය පළ කරපු පාර්ශවය නිසා විරෝධයක් නැතුවම ඒකට අත්සන් කරන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා අපි තවදුරටත් ඒකට විරෝධය පළ කරනවා."


MCC ගිවිසුම පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කළහොත්, එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ විපක්ෂය ගන්නා ක්‍රියාමාර්ගය පිළිබදව ද කබීර් හෂීම් මන්ත්‍රීවරයා අදහස් දැක්වීය.
"අපි MCC ගිවිසුම අත්සන් කරන්න හැදුවාම ජනතාව ඒක ප්‍රතික්ෂේප කරලා ඒක අත්සන් නොකරන පාර්ශවයට ඡන්දය ලබා දුන්නා. ඒ නිසා අපි ජන වරමට ගරු කරලා ඒ ගිවිසුම අත්සන් නොකර ඉන්න ආණ්ඩුවට සහය දෙනවා."


කෙසේ වෙතත්, සංවර්ධන සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ සඳුදා (නොවැ: 25) ප්‍රකාශ කළේ, මිලේනියම් චැලේන්ජ් ගිවිසුම මේ රජය යටතේ අත්සන් නොකරන බවය.
"මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම අපේ ආණ්ඩුවක් යටතේ කිසිසේත්ම අත්සන් කරන්න බලාපොරොත්තුවක් නෑ. අපි ඒ ප්‍රශ්නය ජය අරන් තියෙන්නේ."


මේ අතර, දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් ඇලිස් ජේ. වෙල්ස් පසුගිය දා වොෂිටන් නුවරදී ප්‍රකාශ කළේ, "ශ්‍රී ලංකාවේ MCC ගිවිසුමක් ළඟදී ම ක්‍රියාත්මක කිරීමට සූදානමින් සිටින" බවය.


මේ සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය කළ විමසුමකදී මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර පැවසුවේ, "විමල් වීරවංශ ඇමතිතුමා නම් කියල තියෙනවා ඒකට අත්සන් කරන්නේ නැහැ කියලා. ගිවිසුම සම්බන්ධයෙන් ජනාධිපතිතුමාගේ තීරණය මොකක් ද කියලා තාම දන්නේ නෑ. ඒ නිසා හරියටම දෙයක් කියන්න බැහැ," යනුවෙනි.


No comments:

Post a Comment