Thursday 2 September 2021

හුස්ම

                                                                              



යි අපි ෆේස් මාස්ක් එකක්  දාන්නෙ ?

"වෛරස්  එක ඇඟට ඇතුල් වෙන එක වලක්වා ගන්ඩ"

"ඒ කියන්නේ හුස්ම ගන්න කොට වෛරස් එක ඇඟට ඇතුල් වෙනවා කියන එකනේ"

"ඉතින් අපිට හුස්ම ගන්නේ නැතිව ඉන්ඩ පුළුවන්නේ"

"පිස්සෙක්නෙ"

"අපි කොහොමද හුස්ම ගන්නැතුව ඉන්නේ"

හුස්ම ගන්නැතුව අපිට ජීවත් වෙන්ඩ පුළුවන්ද? මිනිත්තු දෙක තුනක් යද්දි මැරිලා වැටෙයි.

ඉතින් අපි දැන් කරන්නෙත් ඒකමනේ.

ඒ කියන්නේ.

අපි දැනටමත් හුස්ම ගන්න එක නවත්වලා.

ඒක මට හරියට තේරුනේ නෑ. 

රටක ආර්ථික ක්‍රියාවලිය කියන්නේ ඒ රට හුස්ම ගන්නවා කියන එක

අපි රට වහනවා කියලා කරන්නේ රටට හුස්ම ගන්ඩ බැරි වෙන්ඩ බෙල්ල මිරිකගෙන ඉන්න එකට නේද? මෙහෙම ටික දවසක් බෙල්ල මිරිකගෙන ඉද්දී  වෙන්නෙත් හුස්ම ගන්ඩ බැරුව අපේ රට මැරෙන එක නෙමෙයිද?

ඒක නම් ඇත්ත. ඒ වුනාට රට වහලා තියන එකේ වාසියක් තියනවා නේද?වසංගතය පැතිරෙන එක අඩුවෙනවා.මිනිස්සු මැරෙන එක අඩු වෙනවා.

ඔව් එහෙම වෙනවා.ඒත් රට ආයෙත් ඇරපු ගමන් වසංගතය පැතිරෙන්ඩ පටන් ගන්නවා.මැරෙන ප්‍රමාණය  වැඩිවෙලා ප්‍රශ්ණය මුලටම යනවා.ඒක නේද වෙන්නේ? කවදා හරි කොවිඩ් 19 වෛරසය ලෝකෙන් තුරන් වෙනකල් අපිට රට වහගෙන ඉන්ඩ පුළුවන්ද?

ඇත්තටම අපි මොකද එතකොට කරන්නේ?

ඒක වැදගත් ප්‍රශ්ණයක්. ඇත්තටම කිව්වොත් ඒක තමයි අපි උත්තර හොයා ගන්ඩ ඕනේ ලොකුම ප්‍රශ්ණෙ.

කොරෝනා සමඟ වාසේ මේක තමයි උත්තරය.

අමාරුම දේ තමයි ඒක කරන්නේ කොහොමද කියන එක.

ඒකට ක්‍රමවේදයක් අපි හදාගන්ඩ ඕනේ.එතන තමයි දිනුම තියෙන්නේ. අපි වැඩියෙන්ම මහන්සි වෙන්ඩ ඕනෙ මේ ක්‍රමවේදය හදා ගන්ඩ. ඒ වගේම තමයි මේක මිනිස්සුන්ගෙ ඔලුවල තැන්පත් කරන්ඩත් ලොකු උත්සාහයක් දරන්ඩත් වෙනවා.ඒ වෙනුවෙන් වෙනම අධ්‍යපනික වැඩසටහන් ක්‍රියාත්මක කරන්ඩත් වෙයි.එහෙම නැතුව රට ඇරලා තියනකොට වහන්ඩ කියන එකයි වහලා තියනකොට අරින්ඩ කියලා කෑ ගහන එකයි නෙමේ කරන්ඩ ඕනෙ.

ඡායාරූපය අන්තර්ජාලයෙන්









 

1 comment:

  1. යප්.. එකඟයි... මොකද සල්ලි තියන එකා මේ ෆයිට් එකෙන් ගොඩ යයි. නැති එකා නන්නත්තාර වෙලා සුන්නද්දූලි වෙලා යයි

    ReplyDelete