Saturday 14 May 2022

එඩිතර අනුර




 ඒ 88 භීෂණ සමයයි.

ව විවාපත් යුවලක් මධු සමය කරා ගමන් කරමින් සිටියි.ජනාකීර්ණ ස්ථානයකදී නාඳුනන තරුණයින් පිරිසක් මංගල රථය නවතාලනු  ලබයි.අනතුරුව මනමාල මහතාට පවසන්නේ වර්තමාන දේශපාලන තත්වය පිළිබඳව කතාවක් පවත්වන ලෙසයි.වේදිකාව වෙනුවට අසල ඇති බැරලයක්ද සපයනු ලබයි.බැරලය උඩ නැග ගන්නා තරුණයා සිත් ගන්නා සුළු වේගවත් කතාවක් පවත්වයි.සතුටට පත් තරුණයින්, දෙපලට යන්නට ඉඩ හරියි.ඉන් අනතුරුව එක් තරුණයෙක් ශබ්ද නගා පවසන්නේ ඒ ඔබ අමතා කතා කරනු ලැබුවේ රෝහණ විජේවීර සහෝදරයා බවයි.

 


මෙම කතාව 88 භීෂණ සමයේ ජවිපෙ විසින්ම ප්‍රචාරය කරන ලද මිත්‍යා වීර කතාවකි.එකල ජවිපෙ ක්‍රියාකාරකම් වලින් උද්දාමයට පත්ව සිටි පිරිස් මෙම කතාව පිළිගත්තේ හිස් මුදුනිනි. කිසිවෙක් මෙය බොරුවක් බව අවබෝධ කොට ගත්තේ නැත. 


මේ කතාව මට නැවත සිහිපත් වූයේ පසුගියදා ගෝල් ෆේස් අරගල භූමියේදි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට එල්ල වු ප්‍රහාරයත්, ඉන් අනතුරුව සිදු වූ සිදුවීම් පෙළත් නිසාය.


මාසයකට අධික කාලයක් අරගල කරුවන් ක්‍රියා කල ආකාරය අනුව බැලූ විට මෙවැනි ක්ෂණික ප්‍රහාරයක් කිසිවෙකුට එල්ල විමේ හැකියාවක් ඇත්තේ නැත.එවැනි සිදු වීමක් ඒ වන විට අරගල භූමියේ සිදුව තිබුනේ ද නැත.සිදු වූවා නම් ඒ විරෝධය පැමක් පමණි.එසේ නම් සිදු වූයේ කුමක්ද?එය තේරුම් ගැනීමට ඉන් පසු සිදු වු සිදු වීම් දෙස විමසිලිමත්ව බලන්න.


ඉන් පසුව සිදු වන සිදු වීම නම් අරගල භූමියට අනුර කුමාර දිසානායක පැමිණීමයි.මෙය තරමක් අමුතු සිදු විමකි.අරගලයට රාජපක්ෂ මැරයන් පහර දීම සහ සජිත්ට අරගල කරුවන් පහර දී එලවා දමා ඇති තත්වයක් තුල සාමාන්‍යයෙන්  සිදු විය හැක්කේ අනුර අරගල භූමියට පැමිණීමට බිය වීමයි.නමුත් එය එසේ වූයේ නැත.තව දුරටත් පවසන්නේ නම් අනුර කිසිම බියක් නොමැතිව පැමිණෙන්නේ 225 එපා කියන අරගල කරුවන් වෙතයි.


පසුව අනුර පවසා සිටියේ තමා පැමිණියේ තම ආරක්ෂකයන්ද නොමැතිය බවයි.අනුර කෙතරම් එඩිතරද?


ඇත්තටම සිදු වන්නට ඇත්තේ කුමක්ද? සජිත්ට පහර දෙන්නට ඇත්තේ වෙන කිසිවෙකු නොව ජවිපෙ සාමාජිකයන්ම විය යුතුය.අනුර කිසිම බියක් නොමැතිව අරගල භූමියට පැමිණෙන රහස එයයි.ජවිපෙ එයින් අරමුණු දෙකක් ඉටුකර ගැනිමට උත්සාහ කරයි.පලමු අරමුණ නම් අනුර ඉතා එඩිතර නායකයෙකු බව කියා පෑමයි.දෙවන කාරණාව නම් අරගල භූමියෙන් අනෙක් සියළු දේශපාලන නායකයන් අතුගා දමා අරගලය තම තනි භුක්තියට සවි කර ගැනිමයි.කොටි ත්‍රස්තවාදීන්ගේ උපක්‍රමයද මෙයම විය. 


ඡායාරුපය අන්තර්ජාලයෙනි.     



1 comment:

  1. අනුරගේ තර්ක ද එපමණටම අර්ථ විරහිත ය. එක අසුනක් පමණක් හිමි රනිල්ට අග්‍රාමාත්‍ය තණතුරට හිමිකමක් නැතයි තර්ක කරයි.එසේනම් ආසන තුනක් පමණක් ඇති පක්ෂයකට ඒ හිමිකම ලැබෙන්නේ කෙසේද? සජිත් අගමැති තනතුර ගැනීමට බිය වූවා යයි පවසයි. එහෙත් මූලික කොන්දේසිය වශයෙන් අනුර ඉල්ලන්නේ ද සජිත්ගේ ඉල්ලීමම වන ගෝඨාගේ ඉවත් වීමයි.

    ReplyDelete