විවිධ දේශපාලන විග්‍රහයන් තිබිය හැකි වුවත් රනිල් වික්‍රමසිංහට අගමැති ධූරය පිරිනැමිම යනු ආණ්ඩුවේ බරපතල පරාජයක් මෙන්ම වඩා අවමන් සහගත පසුබැසීමක් බව කිව යුතුය.මෙය ගෝල් ෆේස් අරගලකරුවන් ලැබූ විශිෂ්ඨ ජයග්‍රහණයක් ලෙස සැළකිය හැකිය.විශේෂයෙන්ම ගෝඨාභය විසින් නඩත්තු කරනු ලැබු අධි මාන්නක්කාර චරිත ලක්ෂණ හා සැසඳිමේදී මෙය වඩාත් කැපී පෙනෙන සුළුය.මෙතරම් කැළඹුනු දවස් කීපයක දී සන්සුන් වන්න යැයි කීමට රට වැසියා ඉදිරියට ඒමටවත් ජනාධිපතිට ආත්ම ශක්තියක් නොවීය.
Friday, 27 May 2022
Saturday, 21 May 2022
අරගලයේ දිශානතිය හා වපසරිය
මට දැනෙන ආකාරයට අරගලය දැන් ඇත්තේ ළිං ගැට්ට උඩ පොරකන බලලුන් දෙදෙනෙකුගේ තත්වයකයි.කුමන මොහොතක හෝ බලලුන් දෙදෙනාම ලිඳට වැටී විනාශ වීමේ අවධානම ඉතා ඉහලය.
Saturday, 14 May 2022
එඩිතර අනුර
ඒ 88 භීෂණ සමයයි.
නව විවාපත් යුවලක් මධු සමය කරා ගමන් කරමින් සිටියි.ජනාකීර්ණ ස්ථානයකදී නාඳුනන තරුණයින් පිරිසක් මංගල රථය නවතාලනු ලබයි.අනතුරුව මනමාල මහතාට පවසන්නේ වර්තමාන දේශපාලන තත්වය පිළිබඳව කතාවක් පවත්වන ලෙසයි.වේදිකාව වෙනුවට අසල ඇති බැරලයක්ද සපයනු ලබයි.බැරලය උඩ නැග ගන්නා තරුණයා සිත් ගන්නා සුළු වේගවත් කතාවක් පවත්වයි.සතුටට පත් තරුණයින්, දෙපලට යන්නට ඉඩ හරියි.ඉන් අනතුරුව එක් තරුණයෙක් ශබ්ද නගා පවසන්නේ ඒ ඔබ අමතා කතා කරනු ලැබුවේ රෝහණ විජේවීර සහෝදරයා බවයි.
Subscribe to:
Posts (Atom)