Tuesday, 31 December 2019

මිත්‍යාවේ අභියෝගය


ඒ 1982 වසරයි .එවකට මම  අටවන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි පාසල් සිසුවෙකි.දිනක් මා මිත්‍ර මහින්ද පසැලට රැගෙන ආවේ කුඩා අත් පත්‍රිකාවකි.එහි සඳහන්ව  තිබූ සියල්ල මාගේ මතකයේ නැතත් බොහෝ දේ අදටත් මාගේ මතකයේ රැඳී ඇත.එහි සඳහන්ව තිබුනේ මුචලින්ද නාග රාජයා මෙම අත් පත්‍රිකාව මුද්‍රණය  කළ පුද්ගලයාට මුණ ගැසුනු  බවයි .නාග රාජයා එහි දී පැවසුවා යයි කියූ කරුණු කිහිපයක්  සටහන් වී තිබුනි.ඒ කිසිවක් මගේ මතකයේ   නැතත් අවසානයේ සටහන් ව තිබුනේ නාග රාජයාගේ එම පණිවිඩය සියල්ලටම දැන ගැනීම පිණිස  මෙම පත්‍රිකාව මුද්‍රණය කොට බෙදා හරින ලෙසය.එසේ නොකොට පත්‍රිකාව විනාශ කරණ ලද පුද්ගලයන් කිහිප දෙනෙකුට අත් වූ  ඛේදජනක ඉරණම ද එහිම සටහන් වි තිබුනි.පත්‍රිකාව කියවා අවසන් වූ සැනින් එය ඉරා දැමීමට උත්සාහ කළ ද මහින්ද විසින් එය වළකාලීය. ඒ මීට අවුරුදු තිස් හයකට පෙරයි.එදා දාහතර වියේ පසු වූ අප මිතුරන් සියලු දෙනාට දැන් වයස අවුරුදු පනහ පිරී ඇත. බොහෝ මිතුරන්ට උසස් පෙළ පසු කල දරුවන් ද ඇත. මුණුබුරු මිණිබිරියන් සිටින අයද සිටිය හැක.1982 ඉපදුනු දරුවෙකු අද තරුණ විය ද ඉක්මවා යන අවුරුදු 36 ක පුද්ගලයෙකි.අවුරුදු තිස් හයක් යනු දීර්ඝ කාලයකි.අපගේ ජීවිත කාලයෙන් හරි අඩකි. එවැනි දීර්ඝකාලයක් තුල බොහෝ දේ වෙනස් වේ.විද්‍යාව නිසා තාක්ෂණයද, ඒ නිසාම සමාජයේ ඇවතුම් පැවතුම් ද,සිතුම් පැතුම් ද වෙනස් වේ. තාක්ෂණයේ ඇති වූ පෙරළිය නිසා 1982 ට සාපේක්ෂව අද ඇත්තේ විශාල වෙනස්කම් වලට භාජනය වූ සමාජයකි.අප භාවිතා කරන සියළු උපකරණ ස්මාර්ට් වී ඇත.නමුත් ඇත්තටම ලංකාව ස්මාර්ට් වී ඇත් ද.   ලාංකිකයාගේ සිතුම් පැතුම් ස්මාර්ට් වී ඇත්ද?

Saturday, 7 December 2019

රෂෝමොන් 2






"විදේශ රටවලින් ශ්‍රී ලංකාවට එන එක ඩොලරයක් පවා ගෝඨාභය රාජපක්ෂට දැන් වැදගත්. ඒ නිසා ඔහුට තීරණය කරන්න වෙනවා ඒ ඩොලර් කොහොම ද ගෙන්න ගන්නේ කියලා. චීනයෙන් ගත්තොත් ලොකු පොළියක් මත තමයි ණය ගන්න වෙන්නේ," ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඩබ් ඒ විජේවර්ධන බීබීසී සිංහල සේවයට පැවසීය.

Saturday, 30 November 2019

ලැජ්ජාව



“ ලැජ්ජා බය ඇතිව හැදෙන්ඩ ඕනේ“. මේ වාක්‍යය නිතර අපේ වැඩිහිටියන් ගේ මුවින් පිටවෙන ඔවදනකි. කළින් මා සේවය කල කුරුණෑගල සුපර් ස්ටාර් ආයතනයේ ප්‍රධානියාද සේවකයන් සමඟ කෝපයෙන් සිටින විට මා සමඟ  නිතර පවසන දෙයක් නම් , “ විපුල මල්ලි මනුස්සයෙක්ගේ ලැජ්ජාව නැති උනාට පස්සේ ඒ මනුස්සයගෙන් වැඩක් නෑ“  යන්නයි.මෙයින් පෙනෙන්නෙ අවශ්‍ය තරමට ලැජ්ජා වීම හොඳ ගුණධර්මයක් බවයි. නමුත් අනවශ්‍ය තරමට ලැජ්ජා වීම සහ අනවශ්‍ය තරමට ලැජ්ජා නැති වීම ද බරපතල ගැටළුකාරි තත්වයන් මතු කල හැකිය.

Tuesday, 19 November 2019

ජනාධිපතිවරණ ප්‍රතිඵල තුලින් මතුවන අනාගත අභියෝග



මහ වනයක් මැද දින ගණනාවක් පුරා අතරමං ව සිට යළි ගමන ආරම්භ කළ තැනටම පැමිණ ඇත.මේ බොහෝ ශ්‍රී ලාංකිකයින් එම සතුට භුක්ති විඳින අවස්ථාවයි.නමුත් මට සතුටක් දැනෙන්නේ නැත.මට දැනෙන්නේ  කණගාටුවක් පමණි..මගේ මතය වූයේ කෙසේ හෝ වනය මැදින් පාර සොයා ගත යුතු බවයි.නමුත් එය කරන්නේ කෙසේදැයි මම දැන සිටියේ නැත.ඒ නිසාම බහුතරයේ කැමැත්ත පිට යළිත් මුලටම පැමිණීමට සිදුව ඇත.

Monday, 11 November 2019

ඇමරිකන් කොරිඩෝවේ දී ලත් මාර පරාජය



       ඒ 1980 හෝ 1981 වසරයි. මා හයවන සහ හත්වන පන්තිවල ඉගෙන ගත් වසර දෙකයි. මා මිතුරු ධම්මික දිනක් මා වෙතට පැමිණ පැවසූවේ ගුවන් තොටුපලේ කුණු දමන්නේ තමන් සිටින ප්‍රදේශය  කිට්ටුව බවත් එම කුණු ගොඩෙහි තිබෙන කාන්තාවන්ගේ සනීපාරක්ෂක  තුවා ළමුන් නොදන්නා කමට හිසේ පැළඳගෙන සෙල්ලම් කරන බවත්ය.කාන්තාවකගේ සිරුර තුල සිදුවන එම ක්‍රියාවලිය ගැන ඒ වන විට මා හට දැනුමක් තිබුන ද කඩෙන් මිල දී ගන්නා සනීපාරක්ෂක තුවා ගැන මම ඒ වනවිට අසා තිබුනේ නැත.අපගේ වචන මාලාව තුල පෑඩ් හෝ සනීපාරක්ෂක තුවා යන වචන තිබුනේ ද නැත.ඒ නිසා මම ධම්මිකට පවසා සිටියේ මා නොදන්නා මෙය මට ගෙනවිත් පෙන්වන ලෙසයි.අද ද  විශ්වාසවන්ත මිතුරකු ලෙස සිටින ධම්මික විසින් එය අකුරටම ඉටු කරන ලදී.කඩෙන් මිල දී ගන්නා සනීපාරක්ෂක තුවා ගැන මම මුල් වරට දැන ගත්තේ එදිනයි.