ඒ 1982 වසරයි
.එවකට මම අටවන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින්
සිටි පාසල් සිසුවෙකි.දිනක් මා මිත්‍ර මහින්ද පසැලට රැගෙන ආවේ කුඩා අත් පත්‍රිකාවකි.එහි
සඳහන්ව තිබූ සියල්ල මාගේ මතකයේ නැතත් බොහෝ
දේ අදටත් මාගේ මතකයේ රැඳී ඇත.එහි සඳහන්ව තිබුනේ මුචලින්ද නාග රාජයා මෙම අත් පත්‍රිකාව
මුද්‍රණය කළ පුද්ගලයාට මුණ ගැසුනු බවයි .නාග රාජයා එහි දී පැවසුවා යයි කියූ කරුණු
කිහිපයක් සටහන් වී තිබුනි.ඒ කිසිවක් මගේ
මතකයේ නැතත් අවසානයේ සටහන් ව තිබුනේ නාග
රාජයාගේ එම පණිවිඩය සියල්ලටම දැන ගැනීම පිණිස
මෙම පත්‍රිකාව මුද්‍රණය කොට බෙදා හරින ලෙසය.එසේ නොකොට පත්‍රිකාව විනාශ කරණ
ලද පුද්ගලයන් කිහිප දෙනෙකුට අත් වූ ඛේදජනක
ඉරණම ද එහිම සටහන් වි තිබුනි.පත්‍රිකාව කියවා අවසන් වූ සැනින් එය ඉරා දැමීමට
උත්සාහ කළ ද මහින්ද විසින් එය වළකාලීය. ඒ මීට අවුරුදු තිස් හයකට පෙරයි.එදා දාහතර
වියේ පසු වූ අප මිතුරන් සියලු දෙනාට දැන් වයස අවුරුදු පනහ පිරී ඇත. බොහෝ මිතුරන්ට
උසස් පෙළ පසු කල දරුවන් ද ඇත. මුණුබුරු මිණිබිරියන් සිටින අයද සිටිය හැක.1982
ඉපදුනු දරුවෙකු අද තරුණ විය ද ඉක්මවා යන අවුරුදු 36 ක පුද්ගලයෙකි.අවුරුදු තිස්
හයක් යනු දීර්ඝ කාලයකි.අපගේ ජීවිත කාලයෙන් හරි අඩකි. එවැනි දීර්ඝකාලයක් තුල බොහෝ
දේ වෙනස් වේ.විද්‍යාව නිසා තාක්ෂණයද, ඒ නිසාම සමාජයේ ඇවතුම් පැවතුම් ද,සිතුම් පැතුම්
ද වෙනස් වේ. තාක්ෂණයේ ඇති වූ පෙරළිය නිසා 1982 ට සාපේක්ෂව අද ඇත්තේ විශාල වෙනස්කම්
වලට භාජනය වූ සමාජයකි.අප භාවිතා කරන සියළු උපකරණ ස්මාර්ට් වී ඇත.නමුත් ඇත්තටම
ලංකාව ස්මාර්ට් වී ඇත් ද. ලාංකිකයාගේ
සිතුම් පැතුම් ස්මාර්ට් වී ඇත්ද?
Tuesday, 31 December 2019
Saturday, 7 December 2019
රෂෝමොන් 2
"විදේශ
රටවලින් ශ්‍රී ලංකාවට එන එක ඩොලරයක් පවා ගෝඨාභය රාජපක්ෂට දැන් වැදගත්. ඒ නිසා ඔහුට
තීරණය කරන්න වෙනවා ඒ ඩොලර් කොහොම ද ගෙන්න ගන්නේ කියලා. චීනයෙන් ගත්තොත් ලොකු
පොළියක් මත තමයි ණය ගන්න වෙන්නේ," ශ්‍රී ලංකා මහ
බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඩබ් ඒ විජේවර්ධන බීබීසී සිංහල සේවයට පැවසීය.
Saturday, 30 November 2019
ලැජ්ජාව
“ ලැජ්ජා බය ඇතිව හැදෙන්ඩ ඕනේ“. මේ වාක්‍යය
නිතර අපේ වැඩිහිටියන් ගේ මුවින් පිටවෙන ඔවදනකි. කළින් මා සේවය කල කුරුණෑගල සුපර්
ස්ටාර් ආයතනයේ ප්‍රධානියාද සේවකයන් සමඟ කෝපයෙන් සිටින විට මා සමඟ නිතර පවසන දෙයක් නම් , “ විපුල මල්ලි
මනුස්සයෙක්ගේ ලැජ්ජාව නැති උනාට පස්සේ ඒ මනුස්සයගෙන් වැඩක් නෑ“ යන්නයි.මෙයින් පෙනෙන්නෙ අවශ්‍ය තරමට ලැජ්ජා වීම
හොඳ ගුණධර්මයක් බවයි. නමුත් අනවශ්‍ය තරමට ලැජ්ජා වීම සහ අනවශ්‍ය තරමට ලැජ්ජා නැති
වීම ද බරපතල ගැටළුකාරි තත්වයන් මතු කල හැකිය.
Tuesday, 19 November 2019
ජනාධිපතිවරණ ප්‍රතිඵල තුලින් මතුවන අනාගත අභියෝග
මහ වනයක් මැද
දින ගණනාවක් පුරා අතරමං ව සිට යළි ගමන ආරම්භ කළ තැනටම පැමිණ ඇත.මේ බොහෝ ශ්‍රී
ලාංකිකයින් එම සතුට භුක්ති විඳින අවස්ථාවයි.නමුත් මට සතුටක් දැනෙන්නේ නැත.මට
දැනෙන්නේ කණගාටුවක් පමණි..මගේ මතය වූයේ
කෙසේ හෝ වනය මැදින් පාර සොයා ගත යුතු බවයි.නමුත් එය කරන්නේ කෙසේදැයි මම දැන සිටියේ
නැත.ඒ නිසාම බහුතරයේ කැමැත්ත පිට යළිත් මුලටම පැමිණීමට සිදුව ඇත.
Monday, 11 November 2019
ඇමරිකන් කොරිඩෝවේ දී ලත් මාර පරාජය
ඒ 1980 හෝ 1981 වසරයි. මා හයවන සහ හත්වන
පන්තිවල ඉගෙන ගත් වසර දෙකයි. මා මිතුරු ධම්මික දිනක් මා වෙතට පැමිණ පැවසූවේ ගුවන්
තොටුපලේ කුණු දමන්නේ තමන් සිටින ප්‍රදේශය
කිට්ටුව බවත් එම කුණු ගොඩෙහි තිබෙන කාන්තාවන්ගේ සනීපාරක්ෂක තුවා ළමුන් නොදන්නා කමට හිසේ පැළඳගෙන සෙල්ලම්
කරන බවත්ය.කාන්තාවකගේ සිරුර තුල සිදුවන එම ක්‍රියාවලිය ගැන ඒ වන විට මා හට දැනුමක්
තිබුන ද කඩෙන් මිල දී ගන්නා සනීපාරක්ෂක තුවා ගැන මම ඒ වනවිට අසා තිබුනේ නැත.අපගේ
වචන මාලාව තුල පෑඩ් හෝ සනීපාරක්ෂක තුවා යන වචන තිබුනේ ද නැත.ඒ නිසා මම ධම්මිකට
පවසා සිටියේ මා නොදන්නා මෙය මට ගෙනවිත් පෙන්වන ලෙසයි.අද ද විශ්වාසවන්ත මිතුරකු ලෙස සිටින ධම්මික විසින්
එය අකුරටම ඉටු කරන ලදී.කඩෙන් මිල දී ගන්නා සනීපාරක්ෂක තුවා ගැන මම මුල් වරට දැන
ගත්තේ එදිනයි.
Sunday, 3 November 2019
මැතිවරණ වේදිකාවේ වෙන්දේසි කෙරෙන මිනිස් ජීවිත
මාගේ පියා වතු පාළකවරයෙකි. වත්තේ සිටින
සෑම කෙනෙකුගේම ලිපි ලැබෙන්නේ අප වෙතයි. උදෑසන හෝ දහවල් පෙරෙට්ටුවට ආ විට ලැබී ඇති
ලියුම් අයිති කරුවන් වෙත ලබා දීම දින පතා සිදු කරයි.දිනක් දියෝනිස් කම්කානම්ගේ එක්
පුතෙකු වූ සුසන්තට ලැබී තිබූ ලිපියක් මගේ පියා විසින් දියෝනිස් කම්කානම් වෙත ලබා
දී ඇත.ලිපිය රැගෙන ටික දුරක් ආපසු ගිය දියොනිස් කම්කානම්ට අවට සිටියවුන්ට සඟවාලිය
නොහැකි ලෙස හැඬුම් පහල වී ඇත.සුසන්ත ඒ වනවිටත් 71 කැරැල්ල විසින් බිලිගෙන තිබුනි.දියෝනිස් කම්කානම එය සියල්ලන්ගෙන් සඟවාගෙන සිටියත් සුසන්ත වෙත ලැබී තිබූ ලිපිය
විසින් ඔහුගේ ආත්ම ශක්තිය සිඳ බිඳ දැමීය.මෙය මා වෙත පවසා සිටියේ මාගේ වැඩිමල්
සොයුරියයි.
Sunday, 27 October 2019
පිරිපුන් තාරුණ්‍යයක් වෙත
මැතිව් සිය බිරිඳ ඇන්ජලිනා සහ දරුවන් හතර දෙනා ද සමඟින් පසුගිය අප්‍රේල් මාසයේ ශ්‍රී ලංකා සංචාරයක් සඳහා සැලසුම් සකස් කළ ද මැතිව් ගේ බිරිඳ වූ ඇන්ජලිනාට සිය රැකියාවේ කාර්ය බහුලත්වය නිසා සංචාරයට සහභාගී වීමට නොහැකි විය.ඒ නිසාම පවුලේ බාලයා වූ ඊතන් ට ද සංචාරය අහිමි විය.පවුලේ වැඩිමලා වූ ඩේවිඩ් තම උසස් අධ්‍යපන කටයුතු හේතුවෙන් සංචාරයට සහභාගී වීමෙන් වැලකී සිටියාය.අවසානයේ මැතිව් සමග දහනම හැවිරිදි පුතු වූ ඩැනියෙල් ද පහලොස් හැවිරිදි වියේ පසු වූ අමිලී ද ශ්‍රී ලංකා වේ සංචාරය කිරීමට තීරණය කෙරිනි.නමුත් අවසානයේ තැවතත් ආපසු එංගලන්තය බලා යාමට හැකි වූයේ මැතිව් ට පමණි.ඩැනියෙල් සහ අමිලී සිය කෙටි ජීවිතය අප්‍රේල් 21 වෙනි දින කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ දී අවසන් කළාය.තිසර අරවින්ද රතුවිතාන බී .බී. සී. ය වෙත මේ සම්බන්දයෙන් අගනා ලිපියක් රචනා කොට තිබිනි.
ගෝඨාභය.කුමක් විය හැකිද?
ජනාධිපති කිරුළ සජිත් සහ ගෝඨාභයගෙන් පිට
යන්නේ නැත.දෙදෙනාගේම ජනප්‍රිය භාවය පූර්ව නිගමන වලට එළඹිය නොහැකි තරමටම සමානය.ගෝඨාභය
යනු දේශපාලකයෙකු නොවේ.දේශපාලන නොවන චරිතයක් මීට පෙර දේශපාලන භූමියේදී මෙතරම් ජනප්‍රියතාවයක් අත් පත්
කර ගන්නවා මගේ මතකයේ ඇත්තේ නැත.සරත් පොන්සේකා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම මෙයට
සමාන වන්නේ නැත.එහිදී සිදු වූයේ එ.ජා.ප. ය වෙනුවෙන් පොන්සේකා ඉදිරිපත් වීම නිසා
එ.ජා.ප. ඡන්ද ඔහුට ලැබීමයි.මෙහි දී සිදුවන්නේ එහි අනෙක් පැත්තයි. එනම් ගෝඨාභයගේ
ජනප්‍රියත්වයෙන් පොහොට්ටුව පිපිමයි.
Monday, 14 October 2019
ජනාධිපතිවරණය හා එහි ගැටළු
සිය පාක්ෂිකයින් කෝප ගන්වන තරම් කාලයක් කෙකර ගගා සිටි එජාප කිකිළිය අවසානයේ සිය බිත්තරය දැම්මාය.දැන් තරඟය පැහැදිලිය.කොතරම් අපේක්ෂකයන් ඉදිරිපත් වූවද තරඟය පැවැත්වෙනු ඇත්තේ ගෝඨාභය සහ සජිත් අතරයි.අනාවැකි කීමට නොහැකි තරමට ජනාධිපතිවරණය තියුනු වනු ඇත.තරඟයෙන් ගෝඨාභය ජයගතහොත් කුමක් සිදු වනු ඇත් ද?සජිත් ජයගතහොත් කුමක් වනු ඇත් ද?
Subscribe to:
Posts (Atom)