Saturday, 11 June 2022

ගෝල් ෆේස් ප්‍රහාරය හා නීතිය




ප්‍රහාරය අශීෂ්ඨ නම් ප්‍රති ප්‍රහාරයේ ශිෂ්ඨත්වය සොයන්න එපා. මෙය මේ දිනවල වත්පොතේ නිතර බෙදාගන්නා වැකියක්.විශේෂයෙන් ගෝල් ෆේස් අරගලයේ ගැටුමෙන් පසු මේ වැකිය තරමක් වැඩි වේගයකින් සංසරණය වීම දක්නට ලැබෙන්නක්.

Friday, 27 May 2022

ගෝල් ෆේස් ලියවිල්ලක්




විවිධ දේශපාලන විග්‍රහයන් තිබිය හැකි වුවත් රනිල් වික්‍රමසිංහට අගමැති ධූරය පිරිනැමිම යනු ආණ්ඩුවේ බරපතල පරාජයක් මෙන්ම වඩා අවමන් සහගත පසුබැසීමක් බව කිව යුතුය.මෙය ගෝල් ෆේස් අරගලකරුවන් ලැබූ විශිෂ්ඨ ජයග්‍රහණයක් ලෙස සැළකිය හැකිය.විශේෂයෙන්ම ගෝඨාභය විසින් නඩත්තු කරනු ලැබු අධි මාන්නක්කාර චරිත ලක්ෂණ හා සැසඳිමේදී මෙය වඩාත් කැපී පෙනෙන සුළුය.මෙතරම් කැළඹුනු දවස් කීපයක දී සන්සුන් වන්න යැයි කීමට රට වැසියා ඉදිරියට ඒමටවත් ජනාධිපතිට ආත්ම ශක්තියක් නොවීය.

Saturday, 21 May 2022

අරගලයේ දිශානතිය හා වපසරිය

 

                                                    


මට දැනෙන ආකාරයට අරගලය දැන් ඇත්තේ ළිං ගැට්ට උඩ පොරකන බලලුන් දෙදෙනෙකුගේ තත්වයකයි.කුමන මොහොතක හෝ බලලුන් දෙදෙනාම ලිඳට වැටී විනාශ වීමේ අවධානම ඉතා ඉහලය.

Saturday, 14 May 2022

එඩිතර අනුර




 ඒ 88 භීෂණ සමයයි.

නව විවාපත් යුවලක් මධු සමය කරා ගමන් කරමින් සිටියි.ජනාකීර්ණ ස්ථානයකදී නාඳුනන තරුණයින් පිරිසක් මංගල රථය නවතාලනු  ලබයි.අනතුරුව මනමාල මහතාට පවසන්නේ වර්තමාන දේශපාලන තත්වය පිළිබඳව කතාවක් පවත්වන ලෙසයි.වේදිකාව වෙනුවට අසල ඇති බැරලයක්ද සපයනු ලබයි.බැරලය උඩ නැග ගන්නා තරුණයා සිත් ගන්නා සුළු වේගවත් කතාවක් පවත්වයි.සතුටට පත් තරුණයින්, දෙපලට යන්නට ඉඩ හරියි.ඉන් අනතුරුව එක් තරුණයෙක් ශබ්ද නගා පවසන්නේ ඒ ඔබ අමතා කතා කරනු ලැබුවේ රෝහණ විජේවීර සහෝදරයා බවයි.

Thursday, 2 September 2021

හුස්ම

                                                                              



ඇයි අපි ෆේස් මාස්ක් එකක්  දාන්නෙ ?

"වෛරස්  එක ඇඟට ඇතුල් වෙන එක වලක්වා ගන්ඩ"

"ඒ කියන්නේ හුස්ම ගන්න කොට වෛරස් එක ඇඟට ඇතුල් වෙනවා කියන එකනේ"

"ඉතින් අපිට හුස්ම ගන්නේ නැතිව ඉන්ඩ පුළුවන්නේ"

"පිස්සෙක්නෙ"

"අපි කොහොමද හුස්ම ගන්නැතුව ඉන්නේ"

Sunday, 29 August 2021

එන්නත්කරණයේ අතුරු කතා

                                                                     


 එන්නත්කරණයේ තවත් අදියරක් පසුගිය සතියේ අපේ ගමේ ක්‍රියාත්මක උනා.පළමු සහ දෙවන මාත්‍රා දෙකම ලබාදුන් නිසා විශාල සෙනඟක් පැමිණ සිටියා.මුල් පැය කිහිපයේ පැමිණ සිටි පිරිසට පැය තුනහමාරකට වැඩි කාළයක් රස්තියාදු වීමටත් සිදු උනා.

Thursday, 20 May 2021

අපරාධය හා දඬුවම

 


 රාවය පුවත් පත වෙනුවෙන් මා ලියූ මෙම ලිපිය  2019.03.10 දින  පුවත්පතෙහි පළවිය.පසුගිය දිනවල සිදු වූ සිදුවීම්වලින් පෙනි යන්නේ මෙම ලිපිය එදා සේම අදටද වලංගුවන බවයි



       අතුරුදහන් වූ  තම ස්වාමි පුරුෂයින් සොයා ගිය බිරින්දෑවරුන් දෙදෙනෙකුට අවසානයේ හමුවූයේ දැවී ගිය අස්ථි කැබලි කිහිපයක් පමනි.එය සිතේ මවා ගැනීමට පවා අපහසු බියකරු චිත්‍රයකි.මැරෙන තුරු  පහර දීම යනු  ම්ලේච්චත්වයේ උපරිමයයි.යුද්ධ කාලයේ දී පවා අප අතින් කුරා කුහුඹුවෙකුට හෝ අනතුරක් නොවී යැයි ජාත්‍යන්තරය ඉදිරියේ කෑ මොර දුන්නද දිනපතා ලංකාවේ පොලිසිය තුලින් ඇසෙන්නේ  මෙවැනි ඛේද ජනක ප්‍රවෘත්තිය.මීට මාස කිහිපයකට පෙර මෙවැනි සිදු වීමක් ජා ඇල ප්‍රදේශයෙන්ද ඇසුනි.සුපුරුදු පිටපත එවර තරමක් වෙනස් කර තිබුනි.වෙනදා එය සිදු වන්නේ සඟවා තැබූ ආයුධ පෙන්වීමට ගොසිනි.මෙවර එය වැසිකිලි යාමට යැයි පවසා ගඟට පැනිමෙනි.මෙවැනි කතා සත්‍යයක් ලෙස මොහොතකට අප සිතුවද පොලිසියට වගකීමෙන් ගැලවිය හැකිද?අත් අඬංඟුවට ගැනීමෙන් පසු සැකකරු සිටින්නේ සම්පූර්ණයෙන්ම පොලිසිය භාරයේයි. සැකකරු සම්බන්දයෙන් වූ සියළුම වගකීම පොලිසිය භාර ගත යුතුය. ගඟට පැන්නා යැයි කියා පොලිසියට අත සෝදා ගත හැකිද? එය එසේ වී නම් පොලිසිය සිය රැකවරණය සැකකරුට ලබා දී නැත.පොලිසිය සිය වගකීම හරිහැටි ඉටුකර නැත.



             කුමන තරාතිරමක පුද්ගලයෙකු වුවද කුමන චර්යා රටා ඇති පුද්ගලයෙකු වුවද ඔහුගේ හෝ ඇයගේ ජීවිතය පැහැර ගැනීමට තවකෙකුට කිසිම අයිතියක් ඇත්තේ නැත.අඩුම තරමින් මේ සම්බන්ධයෙන් හෝ අදාල පොලිස් නිලධාරීන්ට දඬුවම් ලැබිය යුතුය.නමුත් මෙවැනි සිදුවීම් සම්බන්ධයෙන් කිසිම අවස්ථාවක අදාල පොලිස් නිලධාරීන්ට මොනම හෝ දඬුවමක් ලැබෙන්නේ නැත.අත්අඩංගුවට ගත් පුද්ගලයන්ගේ වගවීම සම්බන්ධයෙන් පොලිස් දෙපාර්තමේන්තුව ගත් ක්‍රියාමාර්ගය කුමක්ද?මෙය නම් මහත්ම අභාග්‍යයකි.නීතිය ඉදිරියේ සැවොම සමානය යන්න හාස්‍යයට ලක් කරයි.අධිකරණය යනු සියලුම පුරවැසියන්ගේ ආරක්ෂකයායි.එහිදී ඇය පුද්ගල තරාතිරම, ජාතිය, කුලය කිසිවක් සලකා බලන්නේ නැත.අප සියලුදෙනාටම දිවයාමට ඇති දෙවොල එයයි.නමුත් මෙම අවාසනාවන්ත ඉරණමට ගොදුරු වූ කිසිවෙක් වෙනුවෙන් ඇය යුක්තිය ඉටු කළේ නැත.යුධමය පරිසරයක් තුල සිදු වූ සිදුවීම් මොහොතකට අමතක කලහොත් වැලිකඩ සමූල ඝාතනය සැලකිය හැක්කේ ලංකාවේ සිදු වූ දැවැන්තම ඛේදවාචකයක් ලෙසයි.බටහිර රටක මෙය සිදුවූයේ නම් එය මුලු රටම කළඹන සුළිසුලඟක් වනු නොඅනුමානයි.නමුත් එය ලාංකිකයාට සුවය ගෙනදෙන මද පවනක්ම විය.ඒ මූසල නිහැඬියාවෙන් පෙන්වනු ලබන්නේ ශිෂ්ඨාචාරයේ අපි ස්ථානගත වන ඉමයි



              පොලිසියේ රාජකාරිය වන්නේ පරීක්ෂණ සිදු කර පිළිගත හැකි ප්‍රමාණවත් සාක්ෂි අධිකරණයට ඉදිරිපත් කිරීමයි.එය විමසා බැලීමෙන් අනතුරුව දඬුවම් නියම කිරීම අධිකරණයේ රාජකාරියයි.නමුත් අධිකරණය සිදුකල යුතු රාජකාරිය පොලිසිය විසින් පවරාගෙන ඇත.මරණ දඬුවමට අත්සන නොයෙදුවද මෙවැනි මිනීමැරුම් වලට විරුද්ධව වචනයක් හෝ ලංකාවේ ජනාධිපතිවරුන් විසින් පවසා නැත.එයින් පැහැදිලි වන්නේ මරණ දඬුවමට සිය අත්සන නොයොදන්නේ දියුණු ශිෂ්ඨාචාරමය ගතිලක්ෂණ නිසා නොව හුදු පෞද්ගලික පාපකාරී මිත්‍ය විශ්වාස නිසා බවයි.


 

අවාසනාවන්ත නිහැඬියාව

 

                                      මෙය පළමු සිදුවීම නොවේ.අවසානයද නොවනු ඇත.බරපතලම කාරණය වන්නේ මේ සම්බන්ධයෙන් සමාජයේ ඇති අවාසනාවන්ත නිහැඬියාවයි. නිහැඬියාවට යටින් ඇත්තේ අපරාධකරුවන් මෙසේ මරා දැමීමෙන් සමාජය ලබන අවාසනාවන්ත සතුටයි.අත්අඩංගුවේ දී මිනිසුන් මිය යෑමේ බරපතලකම සමාජයට තාමත් තේරෙන්නේ නැත.නිහඬතාවයෙන් හෝ අත්පොලසන් දීමෙන් අප විසින් සිදුකරනු ලබන්නේ පොලිසියට ඕනෑම පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන අපරාධකරුවෙකු ලෙස නම් කර මරා දැමීමේ අයිතිය ලබා දීමයි.හෙට දිනයේදී එම පුද්ගලයා ඔබ හෝ මා විය හැකිය.කිසිම ආගමික නායකයෙක් ,කිසිම දේශපාලන පක්ෂයක්, මේ ගැන කිසිවක්ම කියන්නේ නැත..ජනමාධ්‍යයද ප්‍රවෘත්ති පල කිරීමෙන් එහා දෙයක් කරන්නේ නැත.මෙවැනි තත්වයක් යටතේ ජනමාධ්‍යයට කල හැකි කාර්යභාරය අති විශාලය.නමුත් ඔවුන් කරන්නේ පොලිසිය පවසන දෑ පමණක ප්‍රවෘත්තියෙහි පලකිරීමයි.ගැටලුව ඇති තැන ජනමාධ්‍යයවේදියා හඳුනාගන්නේ නැත.ලාංකිකයා දියුණු මිනිසෙකු බවට පත් කිරීමට සිය පෑන හසුරවන්නේ නැත.


 

පොලිසියේ උභතෝකොටිකය.

 

                                       පසුගිය කාලයේ පුවත්පත් වාර්තා කීපයකින්ම කියවුනේ ලංකාවේ අධිකරණයට ඉදිරිපත් වන අපරාධ නඩු වලින් සියයට අනූ හයක අපරාධ කරුවන් නිදහස් වන බවයි.එය බරපතල තත්වයකි.එම තත්වය ඇති වීමට බොහෝ හේතු තිබීමට පුලුවන.අපගේ අපරාධ පරීක්ෂණයන් සිදු කරන ක්‍රමවේදයන්ගේ බරපතල අඩුපාඩුකම් මෙන්ම අධිකරණ පද්ධතිය තුල ඇති අඩුපාඩුකම්ද බලපානවා විය හැකිය.නමුත් මෙවැනි තත්වයන් රට තුල ඇතිකරන්නේ කණගාටුදායක වටපිටාවකි.අපරාධ පරීක්ෂණ යනු සරල ක්‍රියාවක් නොවේ.අති වෙහෙසකාරී දුෂ්කර ක්‍රියාදාමයකි.එවන් වෙහෙසකාරී ක්‍රියාවලියක අවසානයේ ලැබෙන ප්‍රතිඵලය මෙය නම් පොලිස් නිලධාරියා පත් වන්නේ කලකිරීමට හා දැඩි අපේක්ෂා භංගත්වයකටය.මීට ප්‍රතිපක්ෂව අපරාධකරු මෙවැනි වාතාවරණයක් තුල අමන්දානන්දයට පත්වනවා නිසැකය.සියයට හතරක් යනු ලොතරැයි දිනුමක් ඇදෙනවාටත් වඩා ප්‍රතිශතයක් විය හැකිය.අපරාධයක් කිරීමට කිසිම බියක් අපරාධකරුට දැනෙන්නේ නැත.අපරාධකාරී ජීවිතයෙන් මිදීමට උත්සාහ ගන්නේද නැත.මෙවැනි නඩුවක තීන්දුව ලැබීමට අවුරුදු විස්සක් වැනි දීර්ඝ කාලයක් ගත වේ.නමුත් ටික කාලයකින් ඇප ලබා පැමිණෙන අපරාධකරුට තීන්දුව ලැබෙන තෙක් සමාජයේ සාමන්‍ය පරිදි ජීවත් විය හැක.අපරාධකරුවන් සමහර දෙනෙකුට දේශපාලන අනුග්‍රහයද ලැබේ.ඒ වෙනුවෙන් අපරාධ කරුගෙන් දේශපාලකයාට ප්‍රති උපකාර ලැබේ.මේ නිසා බොහෝ අපරාධකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවන අතර ඔවුන් නිදැල්ලේ හැසිරෙති.මෙවැනි පරිසරයක් තුල අපරාධකරු නැවත නැවතත් අපරාධ කිරීමට පෙළඹෙන අතර අපරාධයක් සිදු වූ සැනින් සමාජයෙන් පොලීසිය වෙත එල්ල වන්නේ දැඩි පීඩනයකි.නමුත් මෙවැනි වටපිටාවක් තුල පොලීසියට කල හැකි දේ ඉතා අල්පය. අවසානයේ පොලීසියට සිදු වන්නේ අපරාධකරු වැසිකිලියට යාමට සැලැස්වීම හෝ ආයුධ පෙන්වීමට රැගෙන යාමටයි.


 

අපරාධ පරීක්ෂණයන්හි නොදියුණු බව.

 

                                     අපරාධ පරීක්ෂණයන් හී ලා ලංකාවේ පොලීසිය අනුගමනය කරනු ලබන්නේ ඉතා නොදියුණු අවිද්‍යාත්මක ක්‍රමවේදයකි.එනම් බැලූ බැල්මට සැක සිතෙන ඕනෑම කෙනෙක් අත්අඩංගුවට ගෙන දරුණු කෘර වද හිංසා පැමිණවීමෙන් තොරතුරු දැනගැනීමට උත්සාහ කිරීමයි.මේ හේතුව නිසාවෙන් ලංකාවේ පොලිස් ස්ථාන තුල එක් දිනක් තුල දරුණු වදහිංසාවට ගොදුරු වන මිනිසුන්ගේ ප්‍රමාණය අති විශාලය.මෙය ලංකාවේ කිසිවෙක් නොදන්නා කරුණක් නොව හැම දෙනාම හොඳින් දන්නා කරුණකි.නමුත් මෙම මාතෘකාව කිසිවෙක් සාකච්ඡාවට බඳුන් කරන්නේ නැත.වඩා කණගාටුවට කරුණ වන්නේ එයයි.මෙවැනි අවස්ථාවල වදහිංසාවට ගොදුරු වන බොහෝ දෙනෙක් අදාල අපරාධය සඳහා කිසිදු සම්බන්ධයක් නැතිවුන්ය.



 

                       වැඩවසම් ක්‍රමය තුලදී වැරදිකරුවන්ට දඬුවම් කරනු ලැබුවේ හුදු සරල නිගමනයන් තුලිනි.එය රජු හා ඇමතිවරුන්ට බැලූ බැල්මට දැනෙන ආකාරයට විය.මේ නිසා අහිංසකයන් විශාල වශයෙන් වැරදිකරුවන් වී දඬුවම් ලැබුවා නිසැකය.නමුත් එම අවධිය පසුකර අපි දැන් බොහෝ දුර පැමිණ ඇත.විද්‍යවේ හා තාක්ෂණයේ සිදුවී ඇති දියුණුව හේතුවෙන් අපරාධ පරීක්ෂණ ක්ෂේත්‍රය බෙහෙවින්  පුළුල් වී ඇත.මුල සිට අග දක්වාම විද්‍යානුකූල සාක්ෂි මත පදනම් වී ඇත. මේ නිසාම සැකකරුවන්ට දරුණු වද හිංසා පැමිණවීමෙන් සාක්ෂි සෙවීම වැනි දෑ දියුණු රටවල අත්හැර බොහෝ කල්ය.අවාසනාවට අප තවමත් පැරණි නොදියුණ ක්‍රම කර ගසා ගෙන සිටිමු.දියුණූ රටවල් විසින් අත්පත් කරගත් ක්‍රමවේද අප හට ලබා ගැනීමට බාධාවක් ඇත්තේ නැත.ඔවුන්ගේ සහයෝගයෙන් අප හට එය ලබාගත හැකිය.නමුත් අප පාලකයන් එවැනි දෑ ගැන උනන්දුවක් දක්වනවා පෙනෙන්නට නැත.ලංකාවේ පුරවැසියන් දිනපතා මුහුණදෙන මෙම බිහිසුනු ඉරණම ගැන ඔවුන් සංවේදී වන්නේ නැත.

 

 

 

 

විසඳුම කුමක්ද?

 

                                     අපරාධකරු යනු නොදියුණු මිනිසෙකි.නමුත් දඬුවම් පමුණුවන්නේ දියුණු මිනිසුන් විසිනි. ඒ නිසාම ඒ සඳහා අනුගමනය කරන ක්‍රමවේදයන්ද දියුණු ශිෂ්ඨ ක්‍රමවේදයන් විය යුතුය.අත්අඩංගුවට ගන්නා සැකකරුවන්ට කෘර වදහිංසා පැමිණවීමෙන් හෝ මරා දැමීමෙන් අප හා අපරාධකරු අතර ඇති වෙනස හීන කරනු ලබයි.අප පෙන්වනු ලබන්නේ අපරාධකරු හා අප අතර කිසිම වෙනසක් නැති බවයි.අපද අපරාධකරු මෙන් නොදියුණු මිනිසෙකු බවයි.මෙම තත්වය අප විසින් අවබෝධ කරගත යුතුය.පළමුව අපරාධ පරීක්ෂණ විෂයේහි ලා දියුණු රටවල භාවිතා වන විද්‍යාත්මක ක්‍රමවේදයන් ඉතා ඉක්මනින් පොලිස් දෙපාර්තමේන්තුව වෙත හදුන්වා දිය යුතුය.ඒඳහා දියුණු රටවල උදව් උපකාර ලබාගැනිමට හැකිය.ඉන් අනතුරුව පොලිසිය වෙතින් සිදු වන මානව හිමිකම් උල්ලංඝනය වීම් සඳහා දැඩි දඬුවම් දෙන සම්ප්‍රදායකට අපට යා හැකිය.නමුත් එය සාර්ථක වන්නේ පළමු පියවර ක්‍රියාත්මක කල හොත් පමණි.එසේ නොමැතිව ඔවුන්ට විරුද්ධව නීති මගින් කටයුතු කිරීමෙන් පමණක් අප හට ප්‍රතිඵල අත්කර ගැනීමට හැකි වන්නේ නැත.මක්නිසාද යත් දීර්ඝකාලයක් තිස්සේ ඔවුන් මෙම ක්‍රමයට හුරු වී ඇති බැවින් හා වෙනත් විකල්පයක් ඔවුන්ට නොමැති නිසාත්ය.නඩු තීන්දු ලැබීමට අවුරුදු ගණනාවක් ගතවීම අපරාධ කරුවන්ට යම් වාසි සහගත තත්වයක් ඇති කරනවාට අමතරව රටේ මහජනයා දැඩි පීඩාවට පත් කරනු ලබයි.මෙම තත්වයද ඉක්මණින් නිරාකරණය කරගත යුතුයි.



 

                      වහ වහා ලගා කරගත යුතු අනෙක් දෙය නම් මානව හිමිකම් විෂයේහි ලා බටහිර දියුණු සමාජයන් අත්පත් කරගත් ශිෂ්ඨත්වයයි.මානව හිමිකම් විෂය පුළුල් විෂයක් බවට පත්වීමත් සමඟම ඔවුන් ඉන් ලබාගත් හික්මිම ලංකාවේ ඇති මොනම ආගමකින් වත් පුරවැසියන් තුල වගාකර නොමැති බවද කණගාටුවෙන් වුවත් පැවසිය යුතුය.පටු දේශපාලනය විසින් මානව හිමිකම් යන වචනය ලංකාව තුල භයානක බිල්ලෙකු බවට පත් කර ඇත.ඉතා ඉක්මනින් මෙම තත්වයන් වෙනස් කරගත යුතුය.මානව හිමිකම්හි ගැඹුරු හරයන් පාසල තුලදීම අපගේ දරුවන්ට ඉගැන්විය යුතුය.



 

               දිගින් දිගටම මෙවැනි තත්වයන් රටක් තුල පැවතීමට එක් හේතුවක් වන්නේ සමාජය වෙතින් එයට විරෝධයක් එල්ල නොවීමයි.සමාජයෙන් විරෝධයක් එල්ල නොවීමට හේතුව සමාජය තුල ඇති නොදියුණු පටු මතවාදයන්ය.පළමුව අප ජනතාව තුල ආකල්පමය වෙනසක් ඇතිකල යුතුය.ඒ සඳහා දියුණු සමාජ ව්‍යපාරයක් ක්‍රියාත්මක විය යුතුය.ජනතාව තුල අරටු බැසගත් මතවාදයන් වෙනස් කල හැක්කේ එවැනි ප්‍රභල සමාජ ව්‍යපාරයකට පමණි.එවැනි සමාජ ව්‍යපාරයකින් ඇතිකරනු ලබන ප්‍රභල තෙරපුමකින් තොරව කුමන විසඳුම් අප මේ සඳහා ඉදිරිපත් කලද එය ඵල නොදරණූ ඇත.

Tuesday, 5 May 2020

වැළිසර නාවික කඳවුර කියා දෙන පාඩම





පසු ගිය යුධ සමයේ යුධ සැළසුම් සකස් කිරීමට වෛද්‍යවරුනට පැවරුවේ නම් කුමක් සිදු වන්නට තිබුනේද? බැලූ බැල්මට එය හාස්‍ය ජනක වනවා පමණක් නොව ඉතා විනාශකාරි තත්වයක්ද නිර්මාණය වන්නට ඉඩ තිබුනි.දැන් එහි අනෙක් පැත්ත සිදු වෙමින් පවතී.එනම් වසංගත රෝග වි‍ශේෂඥයින් පසු පෙලට ඇද දමා එසේ නොවන කොටස් විසින් සැළසුම් සකස් කිරිම සහ ක්‍රියාත්මක කිරිමයි.මෙහි ඇති භයානකකම වැළිසර නාවික හමුදා කඳවුරේ සිදුවීමෙන්ම පැහැදිලි විය යුතුය.

Tuesday, 21 April 2020

මැතිවරණ උන්මාදය





කස කාරයා පැමිණෙන විට පෙරහැර පැමිණෙන බව අපි දනිමු.පෙරහැර පැමිණිමට පටන් ගෙන ඇත.මැතිවරණ කොමිසම වෙත  විවිධ චෝදනා රජය පාර්ශවයෙන් එල්ල වීමට පටන් ගෙන ඇත.ඊට සමගාමිව වත් පොතේද මහින්ද දේශප්‍රිය මහතා ඉලක්ක කොට පහත් පෝස්ටු පලවීමට පටන් ගෙන ඇත.මෙම මැතිවරණ උන්මාදය විසින් ඉතා අසීරුවෙන් පාළනය කොට ගෙන ඇති වසංගත තත්වය පැතිර යාමේ අවධානම නැවත ඉස්මතු කරවයි.

Thursday, 2 April 2020

අර්බූධය මැද




අර්බූධය මැද ගැටුම්කාරී තත්වයක් උද්ගත වි ඇත.ඒ මීගමුව රෝහලේදි පසුගියදා මිය ගිය මුස්ලිම් ජාතිකයාගේ දේහය ආදාහනය කිරීමත් සමඟයි.මෙය ඉතාමත්ම බරපතල ගැටළු නිර්මාණය කරන වටපිටාවක් නිර්මාණය කිරිමට නියමිතයි.ව්‍යසනයට සාර්ථකව මුහුණ දිය හැක්කේ එක්ව මිස වෙන්ව නොවේ.රජය ඉතා ඉක්මනින් මැදහත්වි තත්වය සමනය කළ යුතුය

Monday, 30 March 2020

ඔසුසල් වැසිම





සියළුම පෞද්ගලික ඔසුසල් වසා දැමිමට පසුගිය දා රජය විසින් තීරණය කරන ලදී.ඒ සමඟම අවශ්‍ය ඖෂධ නිවසටම ගෙනවිත් දිමට වැඩපිළිවෙලක් සකසන බව ප්‍රකාශ විනි.රජය ගත් මෙම දැඩි තීරණයට හේතු ඇතුවා නිසැකය.බැලූ බැල්මට මෙවැනි අවස්ථාවක මෙය සිත් ගන්නා සුළු වැඩ පිළිවෙලකි.නමුත් රජයට මෙය ජය ගත හැකි ඉලක්කයක්ද?

Thursday, 26 March 2020

කොරෝනා සටනින් පිටමන් කළ වසංගත රෝග විශේෂඥයෝ




ජලයට වැටෙන කූඹි රොත්තක් කරන්නේ සියළුම දෙනා එකතු වී කූඹි ගුලියක් සාදා ගැනිමයි.ඉන් පසු ආධාරකයක් හමු වන තුරු සිට ජලයෙන් ගොඩ වීමයි.නමුත් ජීවිතය බේරා ගැනීමට හැකි වන්නේ කූඹි ගුලියේ ඉහල සිටින කූඹින්ට පමණි.ජලය මත පාදම දරා සිටින සියළුම කූඹින්ට සිදු වන්නේ සිය වර්ගයා වෙනුවෙන් ජීවිතය පිදීමටයි.

Friday, 21 February 2020

සුද්දාගේ පස්ස සේදිම





ලෝබ නැතිව වියදම් කරන කෙනෙකුට අපි කිව්වේ සුද්දා වගේ කියලා. ඇදුම් පැළඳුම් ලස්සනට ඇන්ද කෙනෙකුට අපි කිව්වෙත් සුද්දා වගේ කියලා.වෙන එකක් තියා වැඩක් ලස්සනට පිළිවෙලට කරන කෙනෙකුට අපි කිව්වෙත් සුද්දා වගේ කියලා.එහෙම කියපු අපිට දැන් සුද්දව පේන්නේ පස්සවත් හරියට හෝදන්නෙ නැති අපිරිසිදු මනුස්සයෙක් විදිහට.මට මේ ටික මේ විදිහට හිතුනේ පසු ගිය දවස්වල් තිස්ස ජනනායක විසින් ඉදිරිපත් කරලා තිබුනු සුද්දා පස්ස හෝදන්නේ නෑ කියන වීඩියෝව නැරඹුවයින් පසුවයි.

Friday, 31 January 2020

කොරෝනා වෛරසය හා මාධ්‍ය වෛරස්



කවුරුත් දන්නවා කොරෝනා වෛරසය  කියන මේ දේ මේ වෙනකොට ජීවිත දහස් ගණනක් බිල්ලට අරන් ඉන්නේ  කියලා.........වයලගේ කාමරේ බ්ලොගයේ පසුගිය දිනෙක පලවූ  කොරෝනා වෛරසයෙන් බේරෙන්න මෙන්න මේ දේවල් කරන්න කියන ලිපිය ආරම්භ කරලා තිබුනේ ඒ විදිහට.ඇත්තටම ඒ කියන විදිහට කොරෝනා ‍වෛරසය විසින් මේ වෙනකොට දහස් ගණනක් බිලි අරන් තියනවද?සමාජ මාධ්‍ය හරහා මේ සම්බන්දයෙන් හුවමාරු වෙන තොරතුරු කෙතරම් දුරට සත්‍යයද?මෙවැනි ව්‍යසනයක් හමුවේ පුරවැසියන් ලෙස අපගේ වගකිම විය යුත්තේ කුමක්ද?

Friday, 17 January 2020

ජාතික ගීය



මහාචාර්ය කේ.එම්. ද සිල්වා ජේ.ආර්. ජයවර්ධන චරිතාපදානයේ දක්වා තිබෙන ආකාරයට 1949 පෙබරවාරිවලදී පවත්වන්නට නියමිතව තිබූ නිදහස් උත්සවයේදී එතෙක් ලංකාවේ ජාතික ගීය වශයෙන් ගායනා කෙරුණු ” God save the king/Queen” හෙවත් ‘දෙවියෝ රජු/රාජිනී රකීවා” යන බ්‍රිතාන්‍ය ජාතික ගීය ගැයීමේ හැකියාවක් නොතිබුණු බැවින් ඒ ගැන ඉක්මන් තීරණයක් ගැනීමේ අවශ්‍යතාව 1948දී තේරී පත්වූ ඩී.එස්. සේනානායක ආණ්ඩුවට ඇතිව තිබුණි. 1934 ලංකාවේ ජාතික සමුළුවට ආනන්ද සමරකෝන් සහ ඔහුගේ සංගීත කණ්ඩායම ගායන කරන ලද “නමෝ නමෝ මාතා” ගීතය පිළිබඳව ජේ.ආර්. ජයවර්ධනට මතකයක් තිබූ අතර සුදුසු ජාතික ගීයක් තෝරා ගැනීම සඳහා ඔහු ඒ සඳහා වන යෝජනාවක් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කළේය. ඒ අනුව ඊ.ඒ.පී. විජේරත්නගේ ප්‍රධානත්වයෙන් කැබිනට් අනුකාරක සභාවක් පත් කැරිණි. ජේ.ආර්. ජයවර්ධනද මේ කමිටුවේ සාමාජිකයෙක් වූ අතර ජී.ජී. පොන්නම්බලම් හා සී. චිත්තම්බලම්ද එම කමිටුවේ සාමාජිකයෝ වූහ.

Tuesday, 31 December 2019

මිත්‍යාවේ අභියෝගය


ඒ 1982 වසරයි .එවකට මම  අටවන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි පාසල් සිසුවෙකි.දිනක් මා මිත්‍ර මහින්ද පසැලට රැගෙන ආවේ කුඩා අත් පත්‍රිකාවකි.එහි සඳහන්ව  තිබූ සියල්ල මාගේ මතකයේ නැතත් බොහෝ දේ අදටත් මාගේ මතකයේ රැඳී ඇත.එහි සඳහන්ව තිබුනේ මුචලින්ද නාග රාජයා මෙම අත් පත්‍රිකාව මුද්‍රණය  කළ පුද්ගලයාට මුණ ගැසුනු  බවයි .නාග රාජයා එහි දී පැවසුවා යයි කියූ කරුණු කිහිපයක්  සටහන් වී තිබුනි.ඒ කිසිවක් මගේ මතකයේ   නැතත් අවසානයේ සටහන් ව තිබුනේ නාග රාජයාගේ එම පණිවිඩය සියල්ලටම දැන ගැනීම පිණිස  මෙම පත්‍රිකාව මුද්‍රණය කොට බෙදා හරින ලෙසය.එසේ නොකොට පත්‍රිකාව විනාශ කරණ ලද පුද්ගලයන් කිහිප දෙනෙකුට අත් වූ  ඛේදජනක ඉරණම ද එහිම සටහන් වි තිබුනි.පත්‍රිකාව කියවා අවසන් වූ සැනින් එය ඉරා දැමීමට උත්සාහ කළ ද මහින්ද විසින් එය වළකාලීය. ඒ මීට අවුරුදු තිස් හයකට පෙරයි.එදා දාහතර වියේ පසු වූ අප මිතුරන් සියලු දෙනාට දැන් වයස අවුරුදු පනහ පිරී ඇත. බොහෝ මිතුරන්ට උසස් පෙළ පසු කල දරුවන් ද ඇත. මුණුබුරු මිණිබිරියන් සිටින අයද සිටිය හැක.1982 ඉපදුනු දරුවෙකු අද තරුණ විය ද ඉක්මවා යන අවුරුදු 36 ක පුද්ගලයෙකි.අවුරුදු තිස් හයක් යනු දීර්ඝ කාලයකි.අපගේ ජීවිත කාලයෙන් හරි අඩකි. එවැනි දීර්ඝකාලයක් තුල බොහෝ දේ වෙනස් වේ.විද්‍යාව නිසා තාක්ෂණයද, ඒ නිසාම සමාජයේ ඇවතුම් පැවතුම් ද,සිතුම් පැතුම් ද වෙනස් වේ. තාක්ෂණයේ ඇති වූ පෙරළිය නිසා 1982 ට සාපේක්ෂව අද ඇත්තේ විශාල වෙනස්කම් වලට භාජනය වූ සමාජයකි.අප භාවිතා කරන සියළු උපකරණ ස්මාර්ට් වී ඇත.නමුත් ඇත්තටම ලංකාව ස්මාර්ට් වී ඇත් ද.   ලාංකිකයාගේ සිතුම් පැතුම් ස්මාර්ට් වී ඇත්ද?

Saturday, 7 December 2019

රෂෝමොන් 2






"විදේශ රටවලින් ශ්‍රී ලංකාවට එන එක ඩොලරයක් පවා ගෝඨාභය රාජපක්ෂට දැන් වැදගත්. ඒ නිසා ඔහුට තීරණය කරන්න වෙනවා ඒ ඩොලර් කොහොම ද ගෙන්න ගන්නේ කියලා. චීනයෙන් ගත්තොත් ලොකු පොළියක් මත තමයි ණය ගන්න වෙන්නේ," ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඩබ් ඒ විජේවර්ධන බීබීසී සිංහල සේවයට පැවසීය.

Saturday, 30 November 2019

ලැජ්ජාව



“ ලැජ්ජා බය ඇතිව හැදෙන්ඩ ඕනේ“. මේ වාක්‍යය නිතර අපේ වැඩිහිටියන් ගේ මුවින් පිටවෙන ඔවදනකි. කළින් මා සේවය කල කුරුණෑගල සුපර් ස්ටාර් ආයතනයේ ප්‍රධානියාද සේවකයන් සමඟ කෝපයෙන් සිටින විට මා සමඟ  නිතර පවසන දෙයක් නම් , “ විපුල මල්ලි මනුස්සයෙක්ගේ ලැජ්ජාව නැති උනාට පස්සේ ඒ මනුස්සයගෙන් වැඩක් නෑ“  යන්නයි.මෙයින් පෙනෙන්නෙ අවශ්‍ය තරමට ලැජ්ජා වීම හොඳ ගුණධර්මයක් බවයි. නමුත් අනවශ්‍ය තරමට ලැජ්ජා වීම සහ අනවශ්‍ය තරමට ලැජ්ජා නැති වීම ද බරපතල ගැටළුකාරි තත්වයන් මතු කල හැකිය.

Tuesday, 19 November 2019

ජනාධිපතිවරණ ප්‍රතිඵල තුලින් මතුවන අනාගත අභියෝග



මහ වනයක් මැද දින ගණනාවක් පුරා අතරමං ව සිට යළි ගමන ආරම්භ කළ තැනටම පැමිණ ඇත.මේ බොහෝ ශ්‍රී ලාංකිකයින් එම සතුට භුක්ති විඳින අවස්ථාවයි.නමුත් මට සතුටක් දැනෙන්නේ නැත.මට දැනෙන්නේ  කණගාටුවක් පමණි..මගේ මතය වූයේ කෙසේ හෝ වනය මැදින් පාර සොයා ගත යුතු බවයි.නමුත් එය කරන්නේ කෙසේදැයි මම දැන සිටියේ නැත.ඒ නිසාම බහුතරයේ කැමැත්ත පිට යළිත් මුලටම පැමිණීමට සිදුව ඇත.